ගුරුවරුන් 7500කට රොබෝ තාක්ෂණය ඉගැන්වීමට පියවර
2024-09-04 16:33:03
Share with:

රොබෝ තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය පිළිබඳව ගුරුවරුන් 7500ක් පුහුණු කිරීමේ වැඩසටහන සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි ව තිබේ.

ඩිජිටල් අධ්‍යාපනය ඉතා වැදගත් අංගයක් ලෙස ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව මගින් හඳුනා ගනු ලැබ ඇති අතර ඒ සඳහා කෘත්‍රිම බුද්ධිය හා නවීන තාක්ෂණයන් යොදා ගැනීම පිණිස රාජ්‍ය හා පෞද්ගලික සහයෝගතාව ලබා ගැනීම දිරිමත් කර ඇතැයි රජය පවසයි.

තොරතුරු තාක්ෂණය, ජෛව තාක්ෂණය, ඉංජිනේරු තාක්ෂණ විද්‍යාව, ගණිතය ඇතුළත්ව සියලුම පළාත් ආවරණය වන පරිදි ගුරුවරුන් 7500ක පිරිසක් තෝරා, අදියර තුනක් යටතේ ඔවුන් පුහුණු කෙරෙනු ඇත.

තාක්ෂණ අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරයා ඒකාබද්ධව ඉදිරිපත් කළ මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි විය.

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම