චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ටැන්සානියාවේ ජනාධිපතිනි Samia Suluhu Hassan මහත්මිය හමු වෙයි. හමුව අද(04) පෙරවරුවේ බෙයිජිං හි මහජන මහා ශාලාවේ දී පැවැත්විණ. Hassan මහත්මිය 2024 චීන-අප්‍රිකානු සහයෝගිතා සංසදයේ නායක සමුළුවට එක්වීම සඳහා බෙයිජිං නුවරට පැමිණ සිටී.
චීන-ටැන්සානියා රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව ස්ථාපිත කිරීමේ 60වැනි සංවත්සරය මෙම වසරට යෙදී ඇතැයි චීන ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ටැන්සානියාව සමග එක්ව දෙරට විස්තීර්ණ උපයාමාර්ගික සහයෝගිතා හවුල්කාරීත්වය තවදුරටත් තහවුරු කරමින් දෙරටේ ජනතාවට වඩාත් වැඩි සුබසෙත ලබා දීමට චීනය සූදානම් ය. මෙවර නායක සමුළුව නිමිති කරගෙන Tanzam දුම්රිය මාර්ගය යළිත් ක්‍රියාත්මක කිරීමේ ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමට චීනය කැමැත්තෙන් සිටී. පොදු ප්රයත්න යටතේ ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ ඉහළ මට්ටමෙන් ගොඩනැංවීමේදී ටැන්සානියාව අප්‍රිකාව තුළ ආදර්ශයක් බවට පත් කිරීමට සූදානම් බව ද ෂී ජින්පිං මහතා එම හමුවේදී අවධාරණය කළේය.
චීන-අප්‍රිකානු සහයෝගිතා සංසදයේ සෑම නායක හමුවකදීම එළඹි එකඟතාවන් චීනය සැමවිට ම සක්‍රිය ලෙස අනුගමනය කරන බව Samia Suluhu Hassan මහත්මිය එහිදී කියා සිටියාය. එමගින් අප්‍රිකානු රටවල ආර්ථික සංවර්ධනය තහවුරු කිරීමට දායකත්වයක් ලබා දී ඇත. චීනය, තම රටේ විශ්වාසවන්ත හවුල්කරුවෙකි. මෙවර චීනයේ නිල සංචාරයේ දී Tanzam දුම්රිය මාර්ගය යළි ඇරඹීම ගිවිසුම්ගත කිරීමේ අවස්ථාවට එක් වීමට ලැබීම පිළිබඳව ඇය සිය ප්‍රසාදය පළ කළාය.