චීන-නොර්වේ සබඳතාව තවදුරටත් තහවුරු කිරීමට චීනය සූදානම් වෙයි
2024-09-04 20:09:54
Share with:
නොර්වේ සමග එක්ව චීන-නොර්වේ සබඳතාව තිරසර අයුරින් තහවුරු කිරීමට කැමති බව චීනය පවසයි.
නොර්වේ අග්‍රාමාත්‍ය Jonas Gahr Støre මහතා ඉදිරියේ දී නිරත වීමට නියමිත චීන නිල සංචාරය පිළිබඳව අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(04) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව කියා සිටියාය.
චීන-නොර්වේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 70 වැනි සංවත්සරය මෙම වසරට යෙදී ඇතැයි ඇය පැවසුවාය. නොර්වේ සමග එක්ව මෙවර අග්‍රාමාත්‍යවරයාගේ චීනයේ නිල සංචාරය නිමිති කරගෙන, දෙරටේ සහයෝගිතා පුළුල් කරමින් පොදු ප්රයත්න යටතේ පරිසර හිතකාමී භාවයෙන් යුතු සංවර්ධනය තහවුරු කිරීමට චීනය කැමැත්තෙන් පසු වන බව ද Mao Ning මහත්මිය සඳහන් කළාය.