චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ලිබියානු ජනාධිපති කවුන්සිලයේ සභාපති Mohammed Yunus al-Menfi මහතා හමු වෙයි. එම හමුව අද(4) පස්වරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේදී පැවැත්විණ. 2024 චීන-අප්‍රිකානු සහයෝගිතා සංසදයේ නායක සමුළුව සඳහා Menfi මහතා බෙයිජිං නුවරට පැමිණ සිටී.
චීනය හා ලිබියාව උපායමාර්ගික හවුල්කාරි සබඳතාවක් සංවර්ධනය කරන බව දෙරටේ නායකයන් එම හමුවේදී ප්‍රකාශ කර තිබේ.
චීනය සහ ලිබියාව වසර 46කට පෙර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවා මේ දක්වා, සෑම විටම අන්‍යෝන්‍ය වශයෙන් අනුබල දෙමින් අවංක හැඟීමෙන් කටයුතු කරමින් සිටින බව ෂී ජින් පිං මහතා එහිදී පැවසීය. දෙරටේ සබඳතාවල ස්ථාවර හා දිගුකාලීන සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා ලිබියාව සමඟ දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය ගැඹුරු කොට හුවමාරු හා සහයෝගිතා පුළුල් කිරීමට චීනය සූදානමින් සිටින බව ද හෙතෙම සඳහන් කළේය.
මෙවර බෙයිජිංහි පැවැත්වෙන චීන-අප්‍රිකා සහයෝගිතා සංසදයේ නායක සමුළුවට සහභාගී වීමට ලැබීම තමා අගය කරන බවත් එම සමුළුව ලිබියා-චීන සහ අප්‍රිකා-චීන සබඳතා වර්ධනය සඳහා ඓතිහාසික අවස්ථාවක් සපයනු ඇති බවත් Menfi මහතා එහිදී පෙන්වා දී තිබේ.
චීනය සමඟ ‘එක් තීරයක් එක් මාවතක්’වැඩපිළිවෙළ ඒකාබද්ධව ගොඩනැගීම සහ චීන-අප්‍රිකා සහයෝගිතා සංසදය යන ආකෘති යටතේ ආර්ථික හා වෙළඳ මෙන්ම ආයෝජන සහයෝගිතා තහවුරු කිරීමට ලිබියාව කැමැත්තෙන් සිටින බව ද හෙතෙම පැවසීය.