චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අද(4) පෙරවරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේදී සියෙරා ලියෝන් ජනාධිපති Julius Maada Bio මහතා හමු විය. බෙයිජිංහි පැවැත්වෙන චීන-අප්‍රිකා සහයෝගිතා සංසදයේ නායක සමුළුවට එක් වීම සඳහා Julius Maada Bio ජනාධිපතිවරයා චීනයට පැමිණ ඇත.
චීනය සියෙරා ලියෝන් රාජ්‍යය සමග රාජ්‍ය පාලන අත්දැකීම් පිළිබඳ හුවමාරු ආරම්භ කිරීමට මෙන්ම කෘෂිකාර්මික, යටිතල පහසුකම් හා බලශක්ති සම්පත් ක්ෂේත්‍රවල සහයෝගතා පුළුල් කිරීමට ද කැමති බව ෂී ජින්පිං මහතා එහිදී පැවසීය. ජනතාවගේ සුබසෙත වැඩිදියුණු කිරීමට ආර්ථික හා ජන ජීවිත සහයෝගතා ව්‍යාපෘති මනා ලෙස ක්‍රියාත්මක කළ යුතු යැයි ද ඔහු කීය. සියෙරා ලියෝන් රාජ්‍යය සමග එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු බහුපාර්ශ්වික රාමු තුළ සම්බන්ධීකරණය ශක්තිමත් කර ගෝලීය දකුණු රටවල සමගිය ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂා කරයි. එවන් ප්‍රයත්නයෙන් සමානත්මතා හා ක්‍රමානුකූල බහුධ්‍රැවීකරණය හා පොදු ප්‍රතිලාභී ආර්ථික ගෝලීයකරණය ක්‍රියාත්මක කරමින් අප්‍රිකාවේ හා සංවර්ධනය පවතින රටවල අයිතීන් පොදුවේ ආරක්ෂා කිරීමට බලාපොරොත්තු වන බව ද ෂී ජින්පිං ජනාධිපතිවරයා කියා සිටියේය.
චීනය තම රටේ ආර්ථික සංවර්ධනයට ලබාදුන් සහායට ස්තූතිය පළ කරන බව සියෙරා ලියෝන් ජනාධිපති Julius Maada Bio මහතා එහිදී සඳහන් කළේය. ෂී ජින්පිං ජනාධිපතිවරයා ඉදිරිපත් කළ දැවැන්ත ගෝලීය මුලපිරුම් මාලාවක් ලෝක සාමය හා සංවර්ධනයට ඉමහත් මෙහෙවරක් ඉටු කර ඇත. ෂී ජින්පිං මහතාගේ විශිෂ්ඨ නායකත්වය තම පාර්ශ්වයේ ඉහල පැසසුමට ලක් වන බව ද ඔහු පැවසීය. සියෙරා ලියෝන් රාජ්‍යය එකම චීනය ප්‍රතිපත්තියෙහි ස්ථිරව නියැළී සිටිමින් චීනයේ විශ්වසනීය මිත්‍රරෙකු ලෙසින් අඛණ්ඩව සිටීමට කැමති බව Julius Maada Bio ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.