ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ලකුණු කිරීම අදින්(4) ඇරඹේ
2024-09-04 16:34:27
Share with:

‍මෙවර ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අදින්  (04)ආරම්භ විය. එය 05 සහ 06 යන දිනවල දී ද පැවැත්වේ.

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට හිමිකම් ලැබූ පුද්ගලයින් ඔවුන්ට වෙන් කරන ලද අදාළ දිනයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමට යොමු වන ලෙස මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා එම ඡන්දදායකයින්ගෙන් ඉල්ලීමක් කරයි. යම් ලෙසකින් නියමිත දිනයේ ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වුවහොත් එළඹෙන 11 හෝ 12 දින තුළ දී තමන් සේවය කරන කාර්යාලය පිහිටි දිස්ත්‍රික්කයට අයත් දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලයේ විශේෂ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ මධ්‍යස්ථානයේ දී ඡන්දය ප්‍රකාශ කළ හැකි බව කොමිෂන් සභාව දැනුම් දෙයි. එය දිවයිනේ දිස්ත්‍රික්ක 25‍හේම ක්‍රියාත්මක කෙරේ.

ඡන්දය සලකුණු කිරීම සඳහා අනන්‍යතාව තහවුරු කිරීම අනිවාර්ය වන අතර ඒ සඳහා ජාතික හැඳුනුම්පත, වලංගු රියැදුරු බලපත්‍රය, වලංගු විදේශ ගමන් බලපත්‍රය හෝ මැතිවරණ කොමිෂන් සභාව මඟින් නිකුත් කරන ලද තාවකාලික හැඳුනුම්පත භාවිත කළ හැකිය. රැකියා ස්ථානයේ හැඳුනුම්පත ඡන්දය ප්‍රකාශ කිරීමට භාවිතා කළ නොහැකි බව ද මැතිවරණ කොමිෂන් සභාව කියා සිටී.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම