සාමය සහ ආරක්ෂාව 2024 චීන-අප්‍රිකානු සහයෝගිතා සංසදයේ ප්‍රධාන මාතෘකාවක්
2024-09-04 19:05:46
Share with:

සාමය සහ ආරක්ෂාව 2024 චීන-අප්‍රිකානු සහයෝගිතා සංසදයේ ප්‍රධාන මාතෘකාවක් බව චීනය පවසයි.

චීන-අප්‍රිකා ආරක්ෂක සහයෝගීතාව සඳහා චීනය දැරූ ප්‍රයත්න හා හිමි කර ගත් ප්‍රගතීන් විග්‍රහ කරමින් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(04) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී ඒ බව පැවසුවාය.

චීනය, ගෝලීය ආරක්ෂක මුලපිරුම ඉදිරිපත් කළ බව ඇය කියා සිටි‍යාය. ස්වාධීනව සාමය සුරැකීම, ස්ථාවරත්වය අඛණ්ඩව පවත්වාගෙන යාම සහ ත්‍රස්තවාදයට එරෙහි වීමේ හැකියාවන් වැඩිදියුණු කිරීමට චීනය අප්‍රිකාවට සහාය දී තිබේ. එමෙන්ම, චීනය බොහෝ අවස්ථාවල දී අප්‍රිකාවට මානුෂීය හදිසි ආහාර සපයා දී ඇත. අප්‍රිකානු රටවල් සමඟ එක්ව ගෝලීය ආරක්ෂක මුලපිරුම ක්‍රියාත්මක කරමින් ආරක්ෂක අභියෝගවලදී ඒකාබද්ධව කටයුතු කිරීමට චීනය සූදානම් බව Mao Ning මහත්මිය සඳහන් කළාය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම