චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සැම්බියානු ජනාධිපති Hakainde Hichilema මහතා හමු වෙයි. එම හමුව අද(4) උදෑසන බෙයිජිංහි මහජන මහා ශාලාවේදී පැවැත්විණ. 2024 චීන-අප්‍රිකානු සහයෝගිතා සංසදයේ නායක සමුළුව සඳහා Hakainde Hichilema මහතා බෙයිජිං නුවරට පැමිණ සිටී.
චීනය සහ සැම්බියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 60 වැනි සංවත්සරය මේ වසරේ සනිටුහන් කරයි. පසුගිය වසරේ, චීන-සැම්බියා සබඳතා විස්තීර්ණ උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරීත්වයක් දක්වා සංවර්ධය කොට තිබෙන බව ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දුන්නේය.
ගෙවී ගිය වසර තුළ දෙරට අතර අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාවයෙන් ප්‍රතිඵල රැසක් ලැබී ඇත. දෙපාර්ශ්වය මෙවර නායක සමුළුව ප්‍රයෝජනයට ගනිමින් අත්වැල් බැඳ තමන්ට අනන්‍ය ජාතික නවීකරණය ප්‍රවර්ධනය කළ යුතු යැයි ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය කළේය.
චීනයේ විශිෂ්ට ජයග්‍රහණ අගය කරන සැම්බියාව, චීනයේ සාර්ථක අත්දැකීම් වලින් ඉගෙන, අප්‍රිකානු ජනතාවට වැඩි ප්රතිලාභ ගෙන ඒමට බලාපොරොත්තු වන බව Hakainde Hichilema මහතා එහිදී පැවසීය. චීනය සමඟ සහයෝගිතා ගැඹුරින් පවත්වා දෙරටේ විස්තීර්ණ උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරීත්වය අඛණ්ඩව ඉහළ නංවාලීමට සැම්බියාව කැමැත්තෙන් සිටින බව හෙතෙම සඳහන් කළේය.