චීන ජනපති ඉතියෝපියානු අගමැති හමු වෙයි
2024-09-04 17:02:34
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීන-අප්‍රිකානු සහයෝගිතා සංසදයේ නායක සමුළුවට සහභාගී වීමට සහ නිල සංචාරයක් සඳහා චීනයට පැමිණ සිටින ඉතියෝපියානු අගමැති Abiy Ahmed මහතා හමු වෙයි. අද (4) දහවල් බෙයිජිං හි මහජන මහා ශාලාවේදී එම හමුව පැවැත්විණ.

චීනය සහ අප්‍රිකාව අතර මිත්‍රශීලී සහයෝගීතාවයේ ආදර්ශයක් ලෙස චීන-ඉතියෝපියා සබඳතා සැලකිය හැකි බව ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය. ඉතියෝපියාව සමඟ සමගිය සහ සහයෝගීතාව ගැඹුරු කිරීමට සහ දෙරට අතර පූර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වයේ අඛණ්ඩ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට චීනය කැමැත්තෙන් සිටී.

ඉතියෝපියාවේ පශ්චාත් යුධ ප්‍රතිසංස්කරණ, සංවර්ධනය සහ පුනර්ජීවනය සඳහා චීනය සහාය දක්වන බවත්, මෙවර චීන-අප්‍රිකානු සහයෝගිතා සංසදයේ නායක සමුළුව නිමිති කරගෙන දෙරට අතර ප්‍රායෝගික සහයෝගීතාව පුළුල් කිරීමට කැමැත්තෙන් සිටින බවත් ෂී ජින් පිං මහතා අවධාරණය කළේය.

ඉතියෝපියාව සම්බන්ධයෙන් චීනයේ ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම සමානාත්මතාවය සහ අන්‍යෝන්‍ය ගෞරවය පිළිබිඹු කරන බව Abiy Ahmed මහතා පැවසීය. ඉතියෝපියාවේ ආර්ථික හා සමාජීය සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා චීන ව්‍යවසායන්ගේ ආයෝජන සහ සහයෝගීතාවය වැදගත් දායකත්වයක් ලබා දී ඇත. මෙවර නායක සමුළුව නිමිති කරගෙන ආර්ථික හා වෙළඳ, යටිතල පහසුකම්, කර්මාන්ත ඇතුළු විවිධ ක්ෂේත්‍රවල දෙරට අතර සහයෝගීතාව ගැඹුරු කිරීමෙන් තම රටේ ස්ථාවරත්වය සහ සංවර්ධනය ළඟා කර ගන්නා බවට අගමැතිවරයා එහිදී අපේක්ෂා පළ කළේය.

ගුවන් විදුලිය
20241120බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම