යුක්රේනයේ න්‍යෂ්ටික ආරක්ෂාව තහවුරු කිරීමට ලබාදෙන සහාය පුළුල් කරන බව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය ප්‍රකාශ කරයි.
ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සිය ඊයේ(3) නිකුත් කළ නිවේදනයට අනුව එම ඒජන්සිය වඩාත් සක්‍රීය පියවර ගනිමින් යුක්රේනයේ වැදගත් බලශක්ති යටිතල පහසුකම් ආරක්ෂා කරනු ඇත.
මෑතකදී යුක්රේනයේ බලශක්ති යටිතල පහසුකම් වෙත එල්ල වූ මිසයිල ප්‍රහාර හේතුවෙන් න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයන් හා විදුලි ජාල අතර සම්බන්ධතාව විසන්ධි වූ අතර ඉන් යුක්රේනයේ න්‍යෂ්ටික විදුලි බලාගාරවල න්‍යෂ්ටික ආරක්ෂාවට තර්ජනය පවතින බව පැහැදිලි යැයි එම නිවේදනයේ සඳහන් වේ. යුක්රේනයේ හානි සිදු වූ න්‍යෂ්ටික විදුලි පරිවර්තන ස්ථාන වෙත ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සිය විශේෂඥ කණ්ඩායමක් යොමු කිරීමට ද පියවර ගනු ඇත. එම කණ්ඩායම එහි තත්ත්වය ඇස්තමේන්තු කරමින් ගතයුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය වෙත වාර්තාවක් ඉදිරිපත් කරනු ඇත.