චීන හා එක්වා‍ටොරියල් ගිනියා ජනපතිවරුන් අතර හමුවක්
2024-09-04 10:09:35
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එක්වා‍ටොරියල් ගිනියා ජනාධිපති Teodoro Obiang Nguema Mbasogo මහතා හමුවෙයි.

එම හමුව අද (4) පෙරවරුවේ බෙයිජිං හි මහජන මහා ශාලාවේදී සිදු විය. චීන-අප්‍රිකානු සහයෝගිතා සංසදයේ බෙයිජිං සමුළුවට සහභාගී වීමට Teodoro Obiang Nguema Mbasogo මහතා මෙවර චීනයට පැමිණ සිටී.

චීනය හා එක්වා‍ටොරියල් ගිනියා හොඳ මිතුරන් බව ෂී ජින් පිං මහතා එම අවස්ථාවේදී පැවසීය. එකි‍නෙකාට ස්ථිර ලෙස සහාය දෙන අතර, ආරක්ෂාව ඇතුළු විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා ගැඹුරු කරමින් එක්වා‍ටොරියල් ගිනියා ආර්ථික විවිධාංගීකරණයට සහාය දීමට චීනය කැමැත්තෙන් සිටින බව ඔහු පෙන්වා දුන්නේය. නවීකරණය සංවර්ධනය කිරීමේදී අත්වැල් බැඳගෙන දෙරට අතර විස්තීරණ උපායමාර්ගික හවුල්කාරීත්වයේ නව අනාගතයක් ‍ගොඩනැගීමට චීනය අපේක්ෂා කරන බව ඔහු අවධාරණය කළේය.

චීන සමාගම්වල ආයෝජන මෙන්ම සහ‍යෝගිතාව තම රටට කැපි පෙනෙන සංවර්ධනයක් එක් කර ඇති බව Teodoro Obiang Nguema Mbasogo මහතා එහිදී පැවසීය. ලෝක සාමයට චීනය ලබා දෙන වැදගත් දායකත්වය ඔහු එහිදී අගය ක‍ර ඇත. එකම චීනය මූලධර්මය තම රට තරයේ අනුගමනය කරන අතර, රටේ එක්සත්භාවය සඳහා චීන රජයේ කැප වීමට අඛණ්ඩව සහාය වන බව ඔහු කියා සිටියේය.

ගුවන් විදුලිය
20241102සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම