චීන ජනපති සහ මොසැම්බික් ජනපති අතර හමුවක්
2024-09-04 16:24:20
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා මොසැම්බික් ජනාධිපති Filipe Jacinto Nyusi මහතා හමු වෙයි. හමුව අද(04) පෙරවරුවේ බෙයිජිං හි මහජන මහා ශාලාවේ දී පැවැත්විණ. Nyusi මහතා 2024 චීන-අප්‍රිකානු සහයෝගිතා සංසදයේ නායක සමුළුවට එක්වීම සඳහා බෙයිජිං නුවරට පැමිණ සිටී.

ලබන වසරේ චීනය සහ මොසැම්බික් අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 50 වැනි සංවත්සරය යෙදෙන බව ෂී ජින්පිං මහතා පෙන්වා දුන්නේ ය. දෙපාර්ශ්වයම එක්ව උත්සාහ කරමින් අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාව ගැඹුරු කර චීන-මොසැම්බික් විස්තීර්ණ උපායමාර්ගික සහයෝගීතා හවුල්කාරිත්වයට නව අරුතක් ලබා දෙනු ඇතැයි තමා අපේක්ෂා කරන බව හෙතෙම පැවසීය.

තවදුරටත් පුළුල් ලෙස ප්‍රතිසංස්කරණ ගැඹුරු කිරීම සහ චීන මාදිලියේ නවීකරණය ප්‍රවර්ධනය කිරීම සඳහා චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ තුන්වන පූර්ණ සැසිවාරය විධිවිධාන සකස් කර ඇත. චීනය සහ මොසැම්බික් එක්ව නවීකරණය ප්‍රවර්ධනය කිරීමට එමඟින් නව අවස්ථා ලබා දෙනු ඇති බව ෂී ජින්පිං මහතා අවධාරණය කළේය.

ත්‍රස්තවාදයට එරෙහිව ක්‍රියා කිරීමට සහ ජාතික ස්ථාවරත්වය ආරක්ෂා කිරීමට මොසැම්බික් ජනරජයට චීනය සහාය දෙන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු බහුපාර්ශ්වික වේදිකාවල දී මොසැම්බික් සමඟ සමීපව සහයෝගිතා පැවැත්වීමට චීනය කැමැත්තෙන් සිටින බව හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

එකම චීනය යන මූලධර්මය මොසැම්බික් තදින්ම අනුගමනය කරන බවත්, තායිවාන ප්‍රදේශය සහ දකුණු චීන මුහුද ඇතුළු කේන්ද්‍රීය ගැටළු සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරයන්ට මොසැම්බික් සහය දෙන බවත්, චීනයේ “එක් රටක් ක්‍රම දෙකක්” ප්‍රතිපත්තියට අනුගත වන බවත් Nyusi මහතා පැවසීය. ආර්ථිකය, වෙළඳාම, කෘෂිකර්මය, සන්නිවේදනය සහ ආරක්ෂාව යන ක්ෂේත්‍රවල චීනය සමඟ සහයෝගීතාවන් ගැඹුරු කිරීමට මොසැම්බික් අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20241120බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම