චීන ජනපති ආර්යා Peng Liyuan මහත්මිය සහ සෙනගල් ජනරජයේ ජනපති ආර්යා Marie Khone Faye මහත්මිය තේ පැන් සංග්‍රහයකට එක් වෙති. 4වැනිදා බෙයිජිංහි දී එය පැවැත්විණ.
චීනයේ සහ සෙනගල් ජනරජයේ සංස්කෘතිය හා සම්ප්‍රදාය තුළ සමීපත්වයක් දක්නට ලැබෙන බව Peng Liyuan මහත්මිය කියා සිටියාය. Marie මහත්මිය සමග එක්ව, කාන්තා අධ්‍යාපනය, සෞඛ්‍ය සම්පන්න ක්ෂේත්‍රවල අත්දැකීම් බෙදා හදා ගනිමින් චීන-අප්‍රිකා කාන්තා මෙහෙවර සංවර්ධනය තහවුරු කිරීමට තමා කැමැත්තෙන් සිටින බව ද Peng Liyuan මහත්මිය සඳහන් කළාය.
දිගු කාලයක් තුළ සෙනගල් ඇතුළු අප්‍රිකානු රටවල කාන්තාවන් හා ළමුන් වෙත Peng Liyuan මහත්මිය දක්වන අවධානය හා රැකවරණය Marie මහත්මියගේ ඉහළ ඇගැයීමට ලක් විය. තම රටේ ජනතාවගේ සුබසෙත සහතික කිරීම වෙනුවෙන් චීනය ලබා දී ඇති දායකත්වය කෙරෙහි ඇගේ ඉහළ ප්‍රශංසාව පළ කෙරිණ.