චීන ජනාධිපති ෂී ජින් පිං මහතා කැමරූන් ජනරජයේ ජනාධිපති Paul Biya මහතා හමු වෙයි. එම හමුව අද(4) රාත්‍රි බෙයිජිංහි මහජන මහ ශාලාවේදී පැවැත්විණ. 2024 චීන-අප්‍රිකානු සහයෝගිතා සංසදයේ නායක සමුළුව සඳහා Paul Biya මහතා බෙයිජිං නුවරට පැමිණ සිටී.
චීන-කැමරූන් සබඳතාව විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය දක්වා සංවර්ධනය කරන බව දෙරටේ නායකයන් එම හමුවේදී ප්‍රකාශ කර තිබේ.
චීනය සහ කැමරූන් ජනරජය රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවා වසර 50කට වැඩි කාලයක් ගත වී තිබේ. මේ දක්වා, ජාත්‍යන්තර තත්ත්වය කෙසේ වෙනස් වුවත් දෙරට අතර මිත්‍රත්වය සහ අන්‍යෝන්‍ය වාසිදායක සහයෝගීතාව ස්ථාවරව වර්ධනය කර ඇතැයි ෂී ජින් පිං මහතා එම හමුවේදී පැවසීය. දෙරට අතර මිත්‍රශීලී මෙන්ම සහයෝගී සබඳතාව ශක්තිමත් කර ගැනීමට කැමරූන් සමඟ කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව හෙතෙම පෙන්වා දී තිබේ.
මෙවර චීනයේ නිල සංචාරය තමා සිදු කරන 8වැනි චීන සංචාරය බව පැවසූ Paul Biya මහතා චීනය තමාව සාදරයෙන් පිළිගැනීම කෙරෙහි සිය කෘතඥතාව පළ කළේය. චීන ව්‍යවසායකයන් තම රටේ සිදු කර ඇති ව්‍යාපෘති කැමරූන් හි ආර්ථික සංවර්ධනය තහවුරු කර ඇත. එකම චීනය යන මූලධර්මය කැමරූන් දැඩි ලෙස අනුගමනය කරයි. ෂී ජින්පිං ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ගෝලීය මුලපිරුම්වලට තම රට අනුබලයක් ලබා දෙන බව ද Paul Biya මහතා කියා සිටියේය.