රාජ්‍ය වත්කම් ඇතුළත් ආයෝජන සමාගමක් ඉදිරියේදී ස්ථාපිත කරනවා – ජනපති
2024-09-03 15:04:50
Share with:

ජනතාවගේ අයිතිය සුරක්ෂිත වන ආකාරයට රජයේ වත්කම් වලින් ආයෝජන සමාගමක් (National Wealth Fund) ඇති කිරීමටද ඉදිරියේදී කටයුතු කරන බවත් ඒ සඳහා නව නීති ගෙන ඒමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එමඟින් වත්කම් උපයන නව ආයෝජන සඳහා යොමුවීමට මෙන්ම විධිමත් විශ්‍රාම සැලසුම් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරිමට හැකි වන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

දියුණු රටවල් ද සිය රාජ්‍ය ආදායමෙන් එන ලාභය සුභසාධනය සඳහා යෙදවීමට මෙවැනි සමාගමක් නිර්මාණය කර තිබෙන බව වික්‍රමසිංහ මහතා පෙන්වා දු‍න්නේය.

ජනාධිපතිවරයා මෙම අදහස් පළකළේ, සණස ව්‍යාපාරය මගින් ආරම්භ කර ඇති වැඩිහිටි විශ්‍රාම රක්ෂණ ක්‍රමය හදුන්වා දීම වෙනුවෙන් කොළඹ ඊයේ (02) පැවැති උත්සවයට එක්වෙමිනි.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම