ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් 15 වැනිදා
2024-09-03 15:01:41
Share with:

2024 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව සැප්තැම්බර් මස 15 වන ඉරිදා උදෑසන 9.30 සිට 10.45 දක්වා දෙවන ප්‍රශ්න පත්‍රය පැවැත්වේ.

එදින උදෑසන 11.15 සිට දහවල් 12.15 දක්වා පළමු පත්‍රය පැවැත්වෙනු ඇත. එම විභාගය මධ්‍යස්ථාන 2,649 කදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

අපේක්ෂකයින්ගේ පැමිණීමේ ලේඛනය අදාළ පාසල් විදුහල්පතිවරුන් වෙත මේ වනවිට තැපැල් මඟින් යවා ඇතැයි ද අදාළ නිවේදනයේ දැක්වේ.

එහි සඳහන් අයදුම්කරුවන්ගේ තොරතුරු සංශෝධනය කළ යුතු නම් එය සැප්තැම්බර් 9 දක්වා මාර්ගගත ක්‍රමයට සංශෝධනය කිරීමටත් පහසුකම් සලසා ඇත.

ගුවන් විදුලිය
20241107බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම