චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීන-අප්‍රිකානු සහයෝගිතා සංසදයේ නායක සමුළුවට සහභාගී වීම සඳහා චීනයට පැමිණ සිටින චැඩ් ජනරජයේ ජනාධිපති Mahamat Déby මහතා හමු වෙයි. අද (3) පස්වරුවේ බෙයිජිං හි මහජන මහා ශාලාවේදී එම හමුව පැවැත්විණ.
චීන-චැඩ් සබඳතාව උපායමාර්ගික හවුල්කාරී සම්බන්ධතාවය දක්වා උසස් කරන බවට නායකයන් දෙදෙනා ප්‍රකාශයට පත් කළහ.
“එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ ඒකාබද්ධව ගොඩනැගීම සහ චීන-අප්‍රිකා සහයෝගිතා සංසදය යනාදී රාමු තුළ චීනය සහ චැඩ් ජනරජය සක්‍රියව අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගිතා ක්‍රියාත්මක කර ඵලදායී ප්‍රතිඵල අත්කර ගෙන ඇති බව ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය. චීන-අප්‍රිකා මිත්‍ර සහයෝගිතාවයේ දැක්ම තහවුරු කිරීමට, සංවර්ධන උපායමාර්ග ඒකාබද්ධ කිරීම ශක්තිමත් කිරීමට සහ චීන-චැඩ් සබඳතාවල නව ප්‍රගතීන් ප්‍රවර්ධනය කිරීමට චැඩ් සමඟ කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ඔහු පැවසීය.
චීනයේ මූලික අවශ්‍යතා සහ අවධානය යොමු වන ගැටළු සම්බන්ධයෙන් චැඩ් ජනරජය ලබා දෙන ස්ථිර සහයෝගය චීනය බෙහෙවින් අගය කරයි. ස්වාධීන සංවර්ධන මාවතක් අනුගමනය කිරීමට සහ ජාතික ස්වෛරීභාවය, ආරක්ෂාව සහ සංවර්ධන අවශ්‍යතා සුරැකීමට චැඩ් ජනරජය වෙත අඛණ්ඩ සහාය ලබා දෙන බවත් ෂී ජින් පිං මහතා අවධාරණය කළේය.
තම රටේ ආර්ථික හා සමාජ සංවර්ධනය සඳහා වටිනා ආධාර සැපයීම සම්බන්ධයෙන් චීනයට ස්තූතිවන්ත වන අතර, චීනය සමඟ මිත්‍රශීලී සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාව තවදුරටත් ගැඹුරු කිරීමට දැඩි ලෙස කැපවී සිටින බව චැඩ් ජනාධිපති Mahamat Déby මහතා පැවසීය. එසේම, තායිවානය චීන භූමියෙන් වෙන් කළ නොහැකි කොටසක් වන අතර තම රට එකම චීනය යන මූලධර්මය තදින්ම අනුගමනය කරන බව ද ඔහු කියා සිටියේය.