ස්පාඤ්ඤ අගමැතිවරයා චීනයේ සංචාරයකට සැරසේ
2024-09-03 17:13:21
Share with:

ස්පාඤ්ඤ අගමැති Pedro Sánchez මහතා එළඹෙන 8වැනිදා සිට 11වැනිදා දක්වා චීනයේ නිල සංචාරයක නිරත වීමට නියමිතය. අද (3) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය මේ බව ප්‍රකාශ කළා ය.

චීනය සහ ස්පාඤ්ඤය පූර්ණ උපායමාර්ගික හවුල්කරුවන් බව Mao Ning මහත්මිය පැවසුවාය. අඩසියවසකට වැඩි කාලයකට පෙර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කිරීමෙන් පසු දෙරට අතර සබඳතා සෞඛ්‍ය සම්පන්නව සහ ස්ථාවරව වර්ධනය වෙමින් දෙපාර්ශවයටම ප්‍රතිලාභ ලබා දී ඇත. Pedro Sánchez මහතාගේ මෙවර සංචාරය නිමිති කරගෙන ද්විපාර්ශ්වික සබඳතාවේ නව ප්‍රගතීන් තහවුරු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ඇය පැවසුවාය.

ගුවන් විදුලිය
20241104සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම