චීන ජනාධිපති ෂී ජින්පිං මහතා කෙන්යා ජනාධිපති William Ruto මහතා හමුවෙයි. එම හමුව අද(3) පෙරවරුවේ බෙයිජිං හි මහජන මහා ශාලාවේ දී සිදුවිය.
චීන-කෙන්යා මිතුදමට දිගු ඉතිහාසයක් ඇති බව චීන ජනාධිපතිවරයා එම හමුවේදී පැවසීය. එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල යටතේ චීනය හා කෙන්යාව අන්‍යෝන්‍ය සබඳතා හා සන්නිවේදන ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් ස්ථාපිත කරමින් කාලපීය ආර්ථික හා සමාජ වර්ධනය ප්‍රවර්ධනය කරමින් දෙරටේ ජනතාවගේ සුභසෙත සලසා තිබේ. දෙපාර්ශ්වය “ත්‍රෛයි ක්ෂේත්‍රවල හවුල්කාරී දිශා” දෙස චීන කෙන්යා විස්තීරණ උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරී සබඳතාව ගැඹුරු කිරීමට ෂී ජින් පිං මහතා යෝජනා කළේය. අන්‍යෝන්‍ය විශ්වාස සහිත හවුල්කාරී රටවල් ලෙස ස්වාධිපත්‍යය රැකගැනීම හා සිය තත්ත්වයට අනුව සංවර්ධන මාර්ගය සොයගැනීමට එකිනෙකාට අනුබල දෙයි. අන්‍යෝන්‍ය වාසි හා පොදු ජයග්‍රහණය සහිත සහයෝගිතා හවුල්කාරී රටවල් ලෙස එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල හා කෙන්යාවේ 2030 වසරේ දැක්ම සමීප ලෙස ගැලපෙන අතර ඩිජිටල් ආර්ථික, නව බලශක්ති, ආර්ථික හා වෙළඳ, දරිද්‍රතාව පිටුදැකීම ඇතුව කෂේත්‍රවල සහයෝගිතා සිදු කෙරේ. සාධාරණත්වය හා යුක්තිය ආරක්ෂා කරන උපායමාර්ගික හවුල්කාරී රටවල් ලෙස ජාත්‍යන්තර හා කලාපීය කටයුතුවල සංවාද හා සම්බන්ධීකරණය ශක්තිමත් කරමින් ගෝලීය සංවර්ධනය වෙමින් පවතින රටවල පොදු ප්‍රතිලාභ එක්ව සුරැකීමට ක්‍රියා කෙරෙනු ඇත. එම කරුණු “ත්‍රෛයි ක්ෂේත්‍රවල හවුල්කාරී දිශා” බවට පත් වන බව ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය.
චීන අප්‍රිකා සහයෝගිතා සංසදයේ බෙයිජිං නායක සමුළුව චීනය පැවැත්වීම පිළිබඳ කෙන්යා ජනාධිපති William Ruto මහතා එහිදී ස්තුතිය පළ කළේය. මෙවර සමුළුව චීනය හා අප්‍රිකාවේ ඉදිරි සංවර්ධනය වෙනුවෙන් වැදගත් වේදිකාවක් හා අවස්ථා සැපයෙන බව William Ruto මහතා කියා සිටියේය. මෙවර සමුළුව තුළින් කෙන්යා චීන විස්තීරණ උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරී සබඳතා වර්ධනය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට කෙන්යාව අපේක්ෂා පළ කරයි. අන්‍යෝන්‍ය සබඳතා හා සන්නිවේදන, නව බලශක්ති, තරුණයන්ගේ කටයුතු ඇතුළු ක්ෂේත්‍රවල ප්‍රායෝගික සහයෝගිතා පුළුල් කරමින් වැඩි චීන ආයෝජන කෙන්යාව පිළි ගනී. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඉදිරිපත් කළ ගෝලීය මුලපිරුම් මාලාව මගින් සංවර්ධනය වෙමින් පවතින රටවලට එකමුතුවෙන් සහයෝගිතා පැවැත්වීමට අවස්ථාව සැලසෙයි. කෙන්යාව එය ඉහළින් අගය කර අනුබල දෙයි. එකම චීනය ප්‍රතිපත්තිය කෙන්යාව අනුගමනය කරමින් චීනය සමග බහුපාර්ශ්වික සහයෝගිතා සමීප ලෙස පැවැත්වීමට කැමැත්තෙන් සිටින බව ද William Ruto මහතා අවධාරණය කළේය.