ඊශ්‍රායලයට ආයුධ අපනයනය කිරීමේ බලපත්‍ නිකුත් කිරීම බ්‍රිතාන්‍යය අත්හිටුවයි
2024-09-03 14:19:15
Share with:

ඊශ්‍රායලයට අවි අපනයනය කිරීම සඳහා ලබාදෙන බලපත්‍ර 30 ක් නිකුත් කිරීම වහා අත්හිටුවීමට බ්‍රිතාන්‍යය පියවර ගනී. එරට විදේශ ලේකම් David Lammy මහතා මේ බව ප්‍රකාශ කළේ, එම බලපත්‍ර ලබාදීමේ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ඊයේ (2) පාර්ලිමේන්තු මහජන මන්ත්‍රී මණ්ඩලයේදී පැවැත්වූ දේශනයක දීය.

ඊශ්‍රායලයට ඇතැම් හමුදා නිපැයුම් අපනයනය කිරීම යනු ජාත්‍යන්තර මානුෂීය නීතිය බරපතල ලෙස උල්ලංඝනය කිරීමේ හෝ ඊට පහසුකම් සැලසීමේ අවදානමක් නිර්මාණය කිරීමය යන්න  බ්‍රිතාන්‍යයේ පිළිගැනීම වී ඇතැයි David Lammy මහතා එහිදී කියාසිටියේය.

මේ අතර, ඊශ්‍රායල විදේශ අමාත්‍ය Israel Katz මහතා ඊයේ (2) ප්‍රකාශ කළේ, අවි අපනයනය කිරීමේ බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවීම ඇතුළු බ්‍රිතාන්‍ය රජය ගත් තීරණ මාලාව හේතුවෙන් ඊශ්‍රායලය "කලකිරීමට" පත් වූ බවයි.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම