වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ විසින් භාවිතා කරන ලද ගුවන් යානයක් පැහැර ගැනීම වොෂින්ටනය නැවත නැවතත් සිදුකරන සාපරාධී ක්‍රියාවක කොටසක් බව වෙනිසියුලාව එය හෙළා දකිමින් ඊයේ (2) පැවසීය.
සම්බාධක උල්ලංඝනය කළ බව පවසමින් ඩොමිනිකන් ජනරජයේ දී ඇමරිකාව මෙම ගුවන් යානය පැහැරගෙන තිබේ.
වෙනිසියුලානු විදේශ සබඳතා අමාත්‍ය Yvan Gil ජාත්‍යන්තරය හමුවේ පැවසුවේ මෙම ක්‍රියාව ඇමරිකාව ඒකපාර්ශ්විකව සහ නීති විරෝධිව ලොව පුරා බලහත්කාරයෙන් පනවා ඇති සම්බාධක සාධාරණීකරනය කිරීමට ගත් උත්සාහයක් බවයි.
එම ප්‍රතිපත්තිය නිසා සිය ජාතියට සිදුවන හානිය ඇතුළු අනෙකුත් සියලුම හානි ප්‍රතිපූරණය කිරීම සඳහා ඕනෑම නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට තමන්ට අයිතියක් ඇති බව ද ඔහු ප්‍රකාශ කර ඇත.
මීට පෙර 2022 වසරේ පෙබරවාරි මාසයේ දී ඇමරිකාව විසින් වෙනිසියුලානු ගුවන් යානයක් ආර්ජන්ටිනාවේදී ගොඩ බස්සවා ඇති අතර විමර්ශනය සඳහා බව පවසා රඳවා තබා ගන්නා ලදී.