දකුණු චීන මුහුදු අර්බුදය පිළිබඳ ඇමරිකාවේ සහ යුරෝපයේ ඒකාබද්ධ කුමන්ත්‍රණය
2024-09-03 11:25:34
Share with:

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අනුව යමින් යුරෝපා සංගමය ද ඉකුත් පළමුවැනිදා චීනයට අපහාස කරමින්  ප්‍රකාශ ‍කළේ චීන වෙරළාරක්ෂක නෞකාව, පිලිපීන නෞකාවේ හිතාමතාම ගැටුණු බවයි. එම සිද්ධියේ දී ඇමරිකාව සහ යුරෝපය එක්ව ක්‍රියා කිරීම පිටුපස සැඟව ඇති  කුමන්ත්‍රණය කුමක් ද?

දින දහයක් ඇතුළත පිලිපීනය, චීනයේ Ren'ai ගල්පර සහ Xianbin ගල්පර ආශ්‍රිත මුහුදු කලාපයේ අතිශය භයානක ආක්‍රමණ සහ ගුවන් ප්‍රවාහන මෙහෙයුම් හතරක් සිදු කර ඇත. ආසන්නතම සිදුවීම වාර්තා වූයේ අගෝස්තු 31 වැනිදා යි. චීනයේ Xianbin ගල්පරය ආසන්නයේ නීතිවිරෝධීව රැඳී සිටින පිලිපීන වෙරළාරක්ෂක නෞකාව, නීත්‍යනුකූලව ක්‍රියා කළ චීන වෙරළාරක්ෂක නෞකාවේ හිතාමතාම ගැටෙන ආකාරය ඊට අදාළ වීඩියෝවේ පැහැදිලිව සටහන් ව ඇත. මීට අමතරව, ඇමරිකානු හමුදා ගුවන් යානය චීන වෙරළාරක්ෂක බලකායේ නීත්‍යනුකූල මෙහෙයුම්වලට මැදිහත් වූ ආකාරය ද එහි දැක්වේ. දෙපාර්ශ්වයේ නැව් එකිනෙක ගැටීමේ වගකීම සම්පූර්ණයෙන්ම පිලිපීනය භාර ගත යුතු බවත්, දකුණු චීන මුහුදේ නොසන්සුන්තා අවුළුවන්නේ පිලිපීනය බවත්, එම තත්ත්වය උග්‍ර කරන්නේ ඇමරිකාව බවත් මෙහිදී ද මනාව සනාථ වී තිබේ.

දකුණු චීන මුහුදු අර්බුදයේ පාර්ශ්වකරුවන් නොවන ඇමරිකාව සහ යුරෝපයට ඒ සම්බන්ධයෙන් ක්‍රියාකිරීමේ අයිතියක් නැත. එහෙත් ඔවුන් මේ ආකාරයෙන් සිද්ධිය හා සම්බන්ධ නිවැරදි පසුබිම ව්‍යාකූල කිරීමේ නිරත වන්නේ ඇයි?  ඇමරිකාවට, දකුණු චීන මුහුදේ සිය "ඉන්දු-පැසිෆික් උපායමාර්ගය" ක්‍රියාවට නැංවීමේදී ඇති පළමු තේරීම පිලිපීනය වේ. ඇමරිකාව පිලිපීනය බිල්ලට දෙමින් දකුණු චීන මුහුදේ ජලය අපවිත්‍ර කර චීනයේ සමුද්‍රීය අයිතිවාසිකම් සුරැකීමේ පිරිවැය වැඩි කිරීමට උත්සාහ කරයි. ඇමරිකාවේ ගෝලීය උපායමාර්ගයට සහාය වෙමින් සිය බලපෑම පුළුල් කිරීම යුරෝපා සංගමයේ ද අරමුණ වී තිබේ.

ඇමරිකාව සහ යුරෝපය කෙසේ, කුමන පියවරක් අනුගමනය කළ ද, Xianbin ගල්පරය චීනයට සතුය යන සත්‍යය වෙනස් කළ නොහැකිය. එසේම, පිලිපීනය චීනයේ ස්වෛරීත්වය සහ සමුද්‍රීය අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් සිටින බව ද සියලුදෙනා දන්නා කරුණකි. දකුණු චීන මුහුදේ තවත් දූපත් සහ ගල්පර අල්ලා ගැනීම පිළිබඳ ඔවුන්ගේ අසාධාරණ අරමුණු කිසිදා සාක්ෂාත් නොවනු ඇත.

ගුවන් විදුලිය
20241015අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම