චීන ජනපති සහ මලාවි ජනපති අතර හමුවක්
2024-09-03 15:36:44
Share with:


චීන ජනාධිපති ෂී ජින් පිං මහතා මලාවි ජනරජයේ ජනාධිපති Lazarus Chakwera මහතා හමු වෙයි. එම හමුව අද(3) උදෑසන බෙයිජිංහි මහජන මහ ශාලාවේදී පැවැත්විණ. 2024 චීන-අප්‍රිකානු සහයෝගිතා සංසදයේ නායක සමුළුව සඳහා Lazarus Chakwera මහතා බෙයිජිං නුවරට පැමිණ සිටී.

චීන-මලාවි සබඳතාව උපායමාර්ගික හවුල්කාරීත්වය දක්වා සංවර්ධනය කරන බව දෙරටේ නායකයන් එම හමුවේදී ප්‍රකාශ කර තිබේ.

චීන-මලාවි රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමෙන් පසු, දෙරටේ සබඳතා ස්ථාවර හා විධිමත් ව වර්ධනය වෙමින් පවතින බව ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දුන්නේය. මෙවර චීන අප්‍රිකා සහයෝගිතා සංසදයේ නායක සමුළුව ප්‍රයෝජනයට ගෙන දෙරටේ ‍පොදු සංවර්ධනය ප්‍රවර්ධනය කරමින් දෙරටේ ජනතාවට අඛණ්ඩව සුබ සෙත සැලසීමට චීනය සූදානමින් සිටින බව හෙතෙම සඳහන් කළේය. මලාවි ජනරජයේ සංවර්ධනය හා ගොඩනැගීමට සහාය වීම සඳහා චීන මාදිලියේ නවීකරණයේ අවස්ථා එරට සමග බෙදා ගැනීමට චීනය කැමැත්තෙන් සිටින බව ද ජනාධිපති ෂී ජින් පිං මහතා අවධාරණය කළේය.

ෂී ජින් පිං මහතා ඉදිරිපත් කළ ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ ඒකාබද්ධව ගොඩනැගීම ඇතුළු ප්‍රධාන මුලපිරුම් විවිධ රටවල පොදු සංවර්ධනය හා සමෘද්ධිය සාක්ෂාත් කරගැනීම සඳහා වැදගත් අවස්ථා සපයා දී තිබෙන බව Lazarus Chakwera මහතා එහිදී කියා සිටියේය. එකම චීනය යන ප්‍රතිපත්තියට තම රට තදින්ම අනුගත වන අතර චීන-අප්‍රිකා සහයෝගිතා සංසදයේ යාන්ත්‍රණය ශක්තිමත් කරමින් සංවර්ධනයට සහාය දක්වන බව ඔහු සඳහන් කළේය. මෙවර නායක සමුළුව ප්‍රයෝජනයට ගෙන මලාවි-චීන මිත්‍රත්වය සහ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ හා සහයෝගිතාව තහවුරු කිරීමට බලාපොරොත්තු වන බව ද මලාවි ජනාධිපතිවරයා පැවසීය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම