මොංගෝලියානු සහ රුසියානු ජනපතිවරුන් අතර හමුවක්
2024-09-03 16:43:03
Share with:

මොංගෝලියාවේ ජනාධිපති Ukhnaagiin Khurelsuh මහතා රුසියාවේ ජනාධිපති Vladimir Putin මහතා හමු වෙයි. හමුව අද (3) පස්වරුවේ මොංගෝලියාවේ අගනුවර වන Ulaanbaatar හි රාජ්‍ය මන්දිරයේ දී පැවැත්විණ.

මොංගෝලියාව හා රුසියාව අතර වර්තමාන ද්විපාර්ශ්වික සබඳතා සහ සහයෝගීතාව නායකයන් දෙපළ සමාලෝචනය කළහ. එමෙන් ම දෙරට අතර බලශක්ති, ප්‍රවාහන, පරිසරය, සංස්කෘතිය, අධ්‍යාපනය සහ සෞඛ්‍යය ඇතුළු ක්ෂේත්‍ර ඔස්සේ ආර්ථික සහයෝගතාව ශක්තිමත් කිරීම පිළිබඳව ඔවුන් සාකච්ඡා කර තිබේ. මෙහි දී මොංගෝලියා-රුසියා-චීන ආර්ථික කොරිඩෝව ඉදිකිරීම ශක්තිමත් කිරීම ඉතා වැදගත් බවට ද දෙපාර්ශ්වයේ එකඟත්වය පළ කෙරිණ.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම