ශ්රි ලංකා ගුවන් හමුදා “Heavy Lifters”, අංක 2 ප්රවාහන බලඝණය සිය 67 වන සංවත්සරය ඊයේ(1) අභිමානවත් අයුරින් සැමරීය.
මෙම ප්රවාහන බලඝණය ශ්රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් ප්රවාහන සේවයේ පුරා වසර 67ක් විශිෂ්ට සේවාවක් ඉටු කර තිබේ. හමුදාමය සහ යුධමය අවස්ථාවන්හි දී මෙන්ම දේශීය හා විදේශීයව සිදුවූ හදිසි ආපදා තත්ත්වයන්හිදී ද තම සක්රිය දායකත්වය ලබා දී ඇත. මානුෂීය ආධාර ප්රවාහනය මෙන්ම විදේශයන්හි දී ආපදාවන්ට ලක්වූ ශ්රී ලාංකිකයන් තම රට වෙත ප්රවාහනය කිරීමද සිදු කරමින් එම බලඝණය දේශයේ ආරක්ෂාව හා උන්නතිය වෙනුවෙන් අපරිමිත දායකත්වය ලබාදීමට කටයුතු කළේය.
ප්රවාහන සහ මුර සංචාර කටයුතු සිදු කරමින් මෙම බලඝණය කටුනායක ගුවන් හමුදා කඳවුරේ ස්ථානගත කරනු ලැබුවේ 1957 වසරේ සැප්තැම්බර් 01 දිනයි.