චීන ජනපති සහ එරිත්‍රියානු ජනපති අතර හමුවක්
2024-09-02 19:08:41
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එරිත්‍රියානු ජනාධිපති Isaias Afwerki මහතා හමු වෙයි. එම හමුව අද(2) පස්වරුවේ බෙයිජිංහි මහජන මහ ශාලාවේදී පැවැත්විණ. 2024 චීන-අප්‍රිකානු සහයෝගිතා සංසදයේ නායක සමුළුව සඳහා Isaias Afwerki මහතා බෙයිජිං නුවරට පැමිණ සිටී.

චීනය සහ එරිත්‍රියාව වසර 30කට පෙර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමෙන් පසු, සෑම විටම එකිනෙකා කෙරෙහි විශ්වාසයෙන් අන්‍යෝන්‍ය ලෙස ස්ථිර හා ප්‍රබල සහයෝගයක් ලබා දී ඇතැයි ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දී තිබේ. එරිත්‍රියාව සමග විවිධ මට්ටමේ සබඳතා සහ රාජ්‍ය පාලනය පිළිබඳ අත්දැකීම් හුවමාරු ශක්තිමත් කිරීමට චීනය කැමැත්තෙන් සිටී. “එක් තීරයක් එක් මාවතක්”වැඩපිළිවෙළ ඒකාබද්ධව ගොඩනැගීම, චීන-අප්‍රිකා සහයෝගිතා සංසදය යනාදී වේදිකා හරහා සහයෝගයන් ගැඹුරු කිරීමට චීනය සූදානමින් සිටින බව ද ෂී ජින් පිං මහතා පවසා ඇත.

චීනය සමඟ බලශක්ති, යටිතල පහසුකම් සහ සාගරය යනාදී ක්ෂේත්‍රවල සහයෝගිතා පුළුල් කිරීමට එරිත්‍රියාව අපේක්ෂා කරන බව Isaias Afwerki මහතා පැවසීය. අප්‍රිකා රටවල ආරක්ෂාව, ස්ථාවරත්වය සහ තිරසර සංවර්ධනය සාක්ෂාත් කරගැනීමට සහාය ලබා දීම සඳහා පැවැත්වෙන මෙවර චීන-අප්‍රිකා සහයෝගිතා සංසදයේ නායක සමුළුව සාර්ථක වේවා යැයි එරිත්‍රියාව ප්‍රාර්ථනා කරන බව ද හෙතෙම සඳහන් කළේය.



ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම