චීන-අප්‍රිකානු සහයෝගිතා සංසදයේ නායක සමුළුවට සමගාමී ක්‍රියාකාරකම්වලට චීන ජනපති එක් වෙයි
2024-09-02 10:50:06
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා 2024 චීන-අප්‍රිකානු සහයෝගිතා සංසදයේ නායක සමුළුවට එක් වන විදෙස් නායකයන් වෙන් වෙන් වශයෙන් හමු වෙයි. 2024 චීන-අප්‍රිකානු සහයෝගිතා සංසදයේ නායක සමුළුව එළඹෙන 4වැනි දා සිට 6වැනි දා දක්වා බෙයිජිංහිදී පැවැත්වීමට නියමිතය. එය මෑත වසරවල චීනය රට තුළ සංවිධානය කළ විශාලතම හා වැඩිම විදෙස් නායකයන් සහභාගී වන රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාකාරකම වනු ඇත. එම සමුළුව අතරතුර ඊට එක්වන අප්‍රිකානු රටවල නායකයන්, අප්‍රිකානු කලාපීය සංවිධාන හා ජගත් සංවිධානවල නියෝජිතයන් වෙනුවෙන් පැවැත්වෙන පිළිගැනීමේ භෝජන සංග්‍රහය හා ද්විපාර්ශ්වික ක්‍රියාකාරකම්වලට චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එක්වීමට නියමිත ය.

මේ අතර අද (2) පෙරවරුවේ බෙයිජිං නුවර මහජන මහ ශාලාවේදී ෂී ජින් පිං ජනාධිපතිවරයා 2024 චීන-අප්‍රිකානු සහයෝගිතා සංසදයේ නායක සමුළුව සඳහා පැමිණ සිටින කොංගෝ ජනාධිපති Felix Tshisekedi මහතා හමු විය. එය චීන ජනාධිපතිවරයා සහ මෙම සමුළුවට එක්වන විදෙස් නායකයන් අතර පැවැත්වෙන පළමු ද්විපාර්ශ්වික සාකච්ඡාවයි.


ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම