චීන ජනපති සහ කොමොරොස් ජනපති අතර හමුවක්
2024-09-02 18:59:37
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා කොමොරොස් ජනාධිපති Azali Assoumani මහතා හමු වෙයි. එම හමුව අද(2) උදෑසන බෙයිජිංහි මහජන මහ ශාලාවේදී පැවැත්විණ. 2024 චීන-අප්‍රිකානු සහයෝගිතා සංසදයේ නායක සමුළුව සඳහා Azali Assoumani මහතා බෙයිජිං නුවරට පැමිණ සිටී.

චීන-කොමොරොස් සබඳතාව උපායමාර්ගික හවුල්කාරීත්වය දක්වා සංවර්ධනය කරන බව දෙරටේ නායකයන් එම හමුවේදී ප්‍රකාශ කර තිබේ.

කොමොරෝස් සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කළ පළමු රට චීනය වන අතර ලබන වසරේ දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 50 වැනි සංවත්සරය සමරනු ඇතැයි ෂී ජින් පිං මහතා එම හමුවේදී පැවසීය. දෙරට විවිධ ක්ෂේත්‍රවල ප්‍රායෝගික සහයෝගිතා පැවැත්වීමෙන් සරුසාර ප්‍රතිඵල රැසක් අත් කරගෙන තිබේ. දැවැන්ත හා කුඩා රටවල් අතර අන්‍යෝන්‍ය ලෙස සමානව සලකා එකමුතුව සහයෝගිතා පැවැත්වීම සඳහා චීනය හා කොමොරෝස් ආදර්ශයක් ලබා දී තිබෙන බව ෂී ජින් පිං මහතා සඳහන් කළේය. මෙවර චීන අප්‍රිකා සහයෝගිතා සංසදයේ නායක සමුළුව ප්‍රයෝජනයට ගෙන දෙරටේ ආර්ථික හා වෙළඳ ආ‍යෝජන, යටිතල පහසුකම් සහ දේශගුණික විපර්යාස යනාදී ක්ෂේත්‍රවල සහයෝගිතා පුළුල් කිරීමට චීනය සූදානමින් සිටින බව ද චීන ජනාධිපතිවරයා පවසා ඇත.

ෂී ජින් පිං මහතා ඉදිරිපත් කළ පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩනැගීමේ සංකල්පය, “එක් තීරයක් එක් මාවතක්වැඩපිළිවෙළ ඒකාබද්ධව ගොඩනැංවීම සහ ගෝලීය මුලපිරුම් තුන, ලෝකයේ සාමකාමී සංවර්ධනය සහ පොදු සමෘද්ධිය සාක්ෂාත් කරගැනීම ප්‍රවර්ධනය කිරීමට ඉතා වැදගත් බව Azali Assoumani මහතා එහිදී පෙන්වා දුන්නේය. චීනය සමග මිත්‍රශීලි සබඳතාව තහවුරු කොට ඉහළ නැංවීමට කැමැත්තෙන් සිටින බවත් මෙවර නායක සමුළුව අප්‍රිකා රටවල සංවර්ධනය තවදුරටත් ප්‍රවර්ධනය කරනු ඇතැයි විශ්වාස කරන බවත් හෙතෙම පැවසීය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම