චීන-අප්‍රිකානු සහයෝගිතා සංසදයේ නායක සමුළුව ඔස්සේ ජනතා සංහිඳියාව ඔප්නංවන බව චීනය පවසයි.
අප්‍රිකානු රටවල් 50හේ විද්වත්හු 63දෙනෙකු පසුගිය දා ඒකාබද්ධ ව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා වෙත ලිපියක් යොමු කළහ. චීන-අප්‍රිකානු සහයෝගිතා සංසදයේ පැවති ඓතිහාසික ජයග්‍රහණ අගය කළ ඔවුන් එළඹෙන 4 වැනි දා පැවැත්වීමට නියමිත එම සංසදයේ නායක සමුළුව අපේක්ෂාවෙන් සිටි බවට එහි සඳහන් කර තිබේ. ෂී ජින්පිං මහතා ඔවුන් වෙත පිළිතුරු ලිපියක් යොමු කරමින් පොදු ඉරණම සහිත ඉහළ මට්ටමේ චීන-අප්‍රිකා ප්‍රජාව ගොඩනැංවීමටත් ‘ලෝකයේ දකුණු රාජ්‍යයන්’ හි පොදු ප්‍රතිලාභ සුරැකීමටත් සහාය දැක්වීමට එක් වන ලෙසට ඔවුන් දිරිමත් කළේය.
මේ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(02) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසුවේ පැවැත්වීමට නියමිත මෙම නායක සමුළුව දෙපාර්ශ්වයේ මානව හුවමාරු හා ජනතාව අතර පවතින සංහිඳියාව තහවුරු කර චීන-අප්‍රිකා සබඳතාව සඳහා ද සවියක් ලබා දෙන බවට චීනය විශ්වාස කරන බවයි.