චීන ජනපති සීෂෙල්ස් ජනපති හමු වෙයි
2024-09-02 18:19:02
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීන-අප්‍රිකානු සහයෝගිතා සංසදයේ නායක සමුළුවට සහභාගී වීම සඳහා චීනයට පැමිණ සිටින සීෂෙල්ස් ජනාධිපති Wavel Ramkalawan මහතා හමුවිය. අද (2) පස්වරුවේ බෙයිජිං හි මහජන මහා ශාලාවේදී එම හමුව පැවැත්විණ.

චීන-සීෂෙල්ස් සබඳතාව උපායමාර්ගික හවුල්කාරී සම්බන්ධතාවය දක්වා උසස් කරන බවට නායකයන් දෙදෙනා ප්‍රකාශයට පත් ක‍ළහ.

දෙරට එකිනෙකාගේ මූලික අවශ්‍යතා සහ ප්‍රධාන අවශ්‍යතා සඳහා අඛණ්ඩව ප්‍රමුඛත්වය දිය යුතු බවත්, උපායමාර්ගික අන්‍යෝන්‍ය විශ්වාසයට, පොදු සංවර්ධනයට, පොදු ආරක්ෂාවට, සම්ප්‍රදායික මිත්‍රත්වයට අනුගත විය යුතු බවත් ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය. මෙවර චීන-අප්‍රිකානු සහයෝගිතා සංසදයේ නායක සමුළුව සාර්ථකත්වය ප්‍රවර්ධනය කිරීමට සහ තවත් විශිෂ්ට ප්‍රතිඵල සඳහා දෙරට සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමට සීෂෙල්ස් සහ අනෙකුත් පාර්ශව සමඟ කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ඔහු අවධාරණය කළේය.

සීෂෙල්ස් එකම චීනය යන මූලධර්මය දැඩිව පිළිපදින බවත් ජාතික එකමුතු භාවය යලි සාක්ෂාත් කර ගැනීම සඳහා චීනයට සහාය දෙන බවත් Wavel Ramkalawan මහතා පැවසීය. සීෂෙල්ස් චීනය සමඟ විවිධ ක්ෂේත්‍රවල හුවමාරු සහ සහයෝගීතාව ගැඹුරු කිරීමට සහ ජාත්‍යන්තර සහයෝගීතාව වැඩිදියුණු කිරීමට කැමැත්තෙන් සිටින බව ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

ගුවන් විදුලිය
20241102සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම