චීන ජනපති ටෝගෝ ජනපති හමු වෙයි
2024-09-02 15:01:54
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද(2) පෙරවරුවේ බෙයිජිං හි මහජන මහා ශාලාවේදී චීන-අප්‍රිකානු සහයෝගිතා සංසදයේ නායක සමුළුවට සහභාගී වීම සඳහා චීනයට පැමිණ සිටින ටෝගෝ හි ජනාධිපති Faure Essozimna Gnassingbé මහතා හමුවිය.

චීන-ටෝගෝ සබඳතාව පූර්ණ උපායමාර්ගික හවුල්කාරී සම්බන්ධතාවය දක්වා උසස් කරන බවට නායකයන් දෙදෙනා ප්‍රකාශයට පත් ක‍ළහ.

චීන-ටෝගෝ සබඳතා වර්ධනයට සහ චීන-අප්‍රිකානු සහයෝගිතා සංසදය පිහිටුවීමට Faure Essozimna Gnassingbé මහතාගේ දිගුකාලීන දායකත්වය ෂී ජින් පිං මහතා අගය කළ අතර, අප්‍රිකාවේ එකමුතුවට සහ ඒකීයකරණ ක්‍රියාවලියට චීනය දැඩි ලෙස සහාය දක්වන බව පෙන්වා දුන්නේය. ටෝගෝ සමඟ යටිතල පහසුකම්, කෘෂිකර්මාන්තය, ජල සම්පත් සංරක්ෂණය සහ අන්‍යෝන්‍ය සන්නිවේදන සම්බන්ධතාව ඇතුළු ක්ෂේත්‍රවල බහුපාර්ශ්වික සහයෝගීතා පවත්වමින් කලාපීය සමගිය සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ෂී ජින් පිං මහතා අවධාරණය කළේය.

වර්තමාන ලෝකය වඩා වඩාත් අවදානම් සහ තර්ජනවලට මුහුණ දෙන බවත්, චීනයේ අනුබලය සහ සහයෝගය අප්‍රිකාවේ ආරක්ෂාව සහ සංවර්ධනය සඳහා තීරණාත්මක බවත් Faure Essozimna Gnassingbé මහතා පැවසීය. චීනය සමඟ සිදු කර ඇති මිත්‍රශීලී හුවමාරු සහ සහයෝගීතාවය ටෝගෝ හි ශක්‍යතාවන් සහ ජාතික සංවර්ධනය ඵලදායී ලෙස ප්‍රවර්ධනය කර ඇති බව ඔහු සඳහන් කළේය. ටෝගෝ එකම චීනය යන මූලධර්මයට දැඩිව අනුගත වන බවත් තායිවානය සහ දකුණු චීන මුහුද ඇතුළු ප්‍රශ්න සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරයට සහාය දක්වන බවත් ඔහු පැවසීය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම