චීන-ගිනියා ජනපතිවරුන් අතර හමුවක්
2024-09-02 19:28:35
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ගිනියා ජනාධිපති Mamady Doumbouya මහතා හමුවෙයි. හමුව අද(02) පස්වරුවේ බෙයිජිං හි මහජන මහා ශාලාවේ දී පැවැත්විණ.

2024 චීන-අප්‍රිකානු සහයෝගිතා සංසදයේ නායක සමුළුව සඳහා Mamady Doumbouya මහතා බෙයිජිං නුවරට පැමිණ සිටී.

ගිනියා යනු නව චීනය සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව ස්ථාපිත කළ Sahara කාන්තාරයට දකුණින් පිහිටි අප්‍රිකානු කලාපයේ පළමුවැනි රට බව ෂී ජින්පිං මහතා එහිදී පෙන්වා දුන්නේය. දෙරට රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව පිහිටුවීමේ 65 වැනි සංවත්සරය එළඹෙන ඔක්තෝබර් මාසයට යෙදී ඇත. ගිනියාව සමග එක්ව දෙපාර්ශ්වයේ කේන්ද්‍රීය ප්‍රතිලාභ හා සම්බන්ධ ගැටළුවලට අඛණ්ඩ ව අන්‍යෝන්‍ය ලෙස සහාය දැක්වීමට චීනය සූදානම් ය. යටිතල පහසුකම්, සම්පත් ගවේෂණය, ගම්මාන සංවර්ධනය, දිළිඳුකම තුරන් කිරීම ඇතුළු ක්ෂේත්‍ර සහයෝගිතා තහවුරු කරමින් චීන-ගිනියා විස්තීර්ණ උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරීත්වය ජනතාවට මනා පිටුබලයක් ලබා දෙන බව ද චීන ජනාධිපතිවරයා සඳහන් කළේය.

එකම චීනය යන මූලධර්මය තම රට අඛණ්ඩ ව අනුගමනය කරන බව Mamady Doumbouya මහතා හමුවේදී කියා සිටියේය. ගිනියාවේ ආර්ථික සංවර්ධනය වෙත සැපයූ මහඟු සහාය වෙනුවෙන් හෙතෙම චීනයට ස්තූතිය පුද කළේය. චීන ව්‍යවසායන් ගිනියාවේ සිදු කර ඇති ආයෝජන මගින් තම රටේ ආර්ථික සංවර්ධනය හා ජීවනෝපාය සහතික කර ඇති බවත් මෙය පොදු-ජයග්‍රාහී පරමාදර්ශයක් බවත් Mamady Doumbouya මහතා කියා සිටියේය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම