ඉරානයේ හිටපු ජනපති ඊබ්‍රාහිම් රයිසි මහතාගේ මරණයට හේතු වූ හෙලිකොප්ටර් අනතුර, ඝන මීදුම සහ දැඩි කාලගුණික තත්ත්වයන් මත සිදු වූ බවට IRIB ඉරාන ප්‍රවෘත්ති ඒජන්සිය ඊයේ(1) වාර්තා කර තිබේ.
ඉරානයේ සන්නද්ධ හමුදාවන්හි කාර්ය මණ්ඩලය විසින් මෙම වාර්තාව නිකුත් කර ඇත. හෙලිකොප්ටරයේ තාක්ෂණික, ඉංජිනේරු, විද්‍යුත් සහ පියාසර තත්ත්වයන් යන අංශ හොඳින් පරීක්ෂාවට ලක් කර තිබූ බවත්, ගුවන් ගමනට පෙර සහ අතරතුර නියමිත ප්‍රමිතීන් මෙන්ම රෙගුලාසිවලට අනුකූලව සියලු ක්‍රියා අනුගමනය කර ඇති බවත් තහවුරු වී ඇති බව වාර්තාව පවසයි.
හෙලිකොප්ටරය ගුවන් මාර්ගයෙන් ඉවතට යාම, වැරදි මාර්ග සංඥා හෝ බාහිර මැදිහත්වීමක් මත අනතුර සිදු වූවාය යන කරුණු එහි බැහැර කර තිබේ. ගුවන් නියමුවා කිසිදු හදිසි අවස්ථාවක් වාර්තා නොකළ බවත්, ප්‍රහාරයක් පිළිබඳ කිසිදු සාක්ෂියක් අනාවරණය නොවූ බවත් වාර්තාවේ සඳහන්ව ඇත.
ඊබ්‍රාහිම් රයිසි මහතා සහ හිටපු විදේශ අමාත්‍ය හොසේන් අමීර්-අබ්දුල්ලාහියන් ඇතුළු ඔහුගේ පිරිවර සමඟ පසුගිය මැයි 19 දා නැගෙනහිර අසර්බයිජානයේ කඳුකර ප්‍රදේශයක දී ඔවුන් ගමන් ගත් හෙලිකොප්ටරය කඩා වැටීමෙන් ජීවිතක්ෂයට පත් වූහ.