චීනයේ ෂින්ජියැං පිළිබඳ අසත්‍ය ප්‍රචාරය කරමින් එහි අභ්‍යන්තර කටයුතුවලට අතපෙවීම නවතන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලයි
2024-09-02 18:42:07
Share with:

චීනයේ ෂින්ජියැං සම්බන්ධ ප්‍රශ්න භාවිත කොට මෙරට අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වී අයිතිවාසිකම්වලට හානි කිරීම නවත්වන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටී.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(2) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළාය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් ෂින්ජියැං මානව හිමිකම් ඇගයීම් වාර්තාව නිකුත් කිරීමේ දෙවන සංවත්සරය නිමිත්තෙන් එම ප්‍රදේශයේ මානව හිමිකම් තත්ත්වයට පහර දෙමින් ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පසුගියදා නිවේදනයක් නිකුත් කෙරිණ.

ඒ සම්බන්ධයෙන් Mao Ning මහත්මිය පැවසුවේ, ඇමරිකාවේ එම නිවේදනය සත්‍යය නොසලකා ෂින්ජියැං පිළිබඳ චීනයේ ප්‍රතිපත්ති අපකීර්තියට පත් කර ඇති අතර චීනය එයට නිල වශයෙන් තරයේ විරෝධය පළ කර තිබෙන බවයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරය ඇමරිකාව ඇතුළු බටහිර රටවල් විසින් යෝජනා කරන ලද ඊනියා "ෂින්ජියැං සම්බන්ධ යෝජනා කෙටුම්පත" ප්‍රතික්ෂේප කර ඇති අතර එම වාර්තාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාවේ ආකල්පය එයින් පෙන්නුම් කෙරෙන බව ද Mao Ning මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

ගුවන් විදුලිය
20241108සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම