මැතිවරණ කොමිෂන් සභාව, එළඹෙන ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමේ පිළිවෙළ ප්‍රකාශයට පත්කර තිබේ.
ඒ අනුව, එක් අපේක්ෂකයෙකුට ඡන්දයත්, වෙනත් අපේක්ෂකයන් දෙදෙනෙකුට දෙවැනි මනාපය සහ තුන් වැනි මනාපයත් ඡන්ද පත්‍රිකාවක ලකුණු කිරීමට හැකියාව පවතී.
අවශ්‍ය නම් ඡන්දය පමණක් ලකුණු කිරීමටද හැකි බව මැතිවරණ කොමිෂන් සභාව කියා සිටී.
ඡන්ද දායකයා ඡන්ද පත්‍රිකාවේ තමන් කැමති අපේක්ෂකයාගේ නම හා ලකුණ ඉදිරියෙන් වෙන්කර ඇති කොටසේ "1" ඉලක්කම සලකුණු කර ඡන්දය ප්‍රකාශ කළ යුතුය.
ඉන් පසුව දෙක සහ තුන දරන ඉලක්කම් සලකුණු කිරීමෙන් තම දෙවැනි හා තෙවැනි මනාප දැක්විය හැකි වෙයි.
ඡන්ද දායකයෙකු විසින් ඡන්ද පත්‍රිකාවක සිය දෙවැනි හෝ තෙවැනි මනාපය සලකුණු කර නොමැති වුවද එහි නිසියාකාරව එක් අපේක්ෂකයෙකු වෙනුවෙන් සලකුණු කරන ලද ඡන්දයක් වේනම්, එය වලංගු ඡන්දයක් ලෙස පිළිගැනෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර ඇත.
ඉහත සඳහන් ආකාරයට හැර ඡන්ද පත්‍රිකාව මත කතිරය ලකුණු කර ඇත්නම්, එය අපේක්ෂකයාට ලබා දුන් ඡන්දයක් ලෙස සැලකෙන බව ද කොමිසම කියා සිටී.