සටන් විරාමයක් ඉල්ලමින් ඊශ්‍රායලයේ මහ පරිමාණ උද්ඝෝෂණ
2024-09-02 10:46:07
Share with:

සටන් විරාමයක් ඉල්ලමින් ඊශ්‍රායලයේ මහ පරිමාණ උද්ඝෝෂණ සිදු කෙරේ.

ඊශ්‍රායල රජය හා Hamas සංවිධානයට සටන් විරාමයකට එකඟ වන ලෙසත් ගාසා තීරයේ රඳවා ගෙන සිටින ඊශ්‍රායල පුද්ගලයන් නිදහස් කරන ලෙසත් ඊයේ(1) ඊශ්‍රායල ජාතිකයෝ විශාල පිරිසක් මහ පරිමාණ උද්ඝෝෂණ සිදු කළහ. ලක්ෂ 7ක පමණ පිරිසක් එම උද්ඝෝෂණවලට එක්වූ අතර Tel Aviv නගරයේ ලක්ෂ 5.5ක් පමණ පිරිසක් ඊට සහභාගී වූහ. ඇතැම් උද්ඝෝෂණ විසුරුවා හැරීමට පොලීසිය කටයුතු කළ අතර එහිදී අවම වශයෙන් පුද්ගලයෝ 12 දෙනෙක් අත්අඩංගුවට පත්වූහ.

ඊශ්‍රායල කම්කරු සංගමය  අද (2) රට පුරා වැඩවර්ජනයක් ද කැඳවා තිබේ. සටන් විරාමයකට එකඟවීම අන් කවර දෙයකටත් වඩා වැදගත් යන ඉල්ලීම ඉදිරිපත් කිරීම එහි අරමුණ ය. දිනයක් එම වැඩවර්ජනයට එක් වන බව Tel Aviv නගරය ඇතුළු නාගරික දෙපාර්තමේන්තු ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම