ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය ඇරඹේ
2024-09-01 17:55:56
Share with:

 

මෙරට පොල් කර්මාන්තයේ සන්ධිස්ථානයක් සටහන් කරමින් ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය ඇරඹේ. එහි සමාරම්භක රැස්වීම ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ දී  29 වැනිදා පැවැත්විණ.

කර්මාන්තයේ තිරසර වර්ධනය, නවෝත්පාදන හා ගෝලීය වෙළෙඳපොළ වෙත පිවීසීම වෙනුවෙන් සංවිධානයේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරිණ.

මෙරට කර්මාන්ත ආර්ථිකය සඳහා සැලකිය යුතු දායකත්වයක් දක්වන පොල් කර්මාන්තය වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 800 ක අපනයන ආදායමක් උපයයි. එය තවදුරටත් ඉහළ නංවමින් ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක අපනයන ආදායම් ඉලක්කයක් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පොල් නිෂ්පාදනයන්ගේ ගුණාත්මකභාවය හා ගෝලීය තරඟකාරීත්වය ඉහළ නැංවීම නව ආයතනයේ අපේක්ෂාවයි.

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම