2024 චීන-අප්‍රිකානු සහයෝගතා සංසදයේ නායක සමුළුව සැප්තැම්බර් 4 – 6 දක්වා දිනවල බෙයිජිං අගනුවරදී පැවැත්වීමට නියමිතය. ‘එක්සත්ව නවීකරණය ප්‍රවර්ධනය කරමින්, පොදු ඉරණමක් සහිත උසස් මට්ටමේ චීන-අප්‍රිකානු ප්‍රජාව ගොඩනැගීම’ මෙවර සමුළුවේ තේමාව යි.
ඊයේ (31) අද (1) දෙදින තුළ අප්‍රිකානු රටවල් රැසක නායකයන් බෙයිජිං නගරයට පැමිණ ඇත. සැම්බියානු ජනාධිපති Hakainde Hichilema, දකුණු සුඩාන ජනාධිපති Salva Kiir Mayardit, එරිත්‍රියානු ජනාධිපති Isaias Afwerki, නයිජිරියානු ජනාධිපති Bola Tinubu, කොමොරොස් රාජ්‍ය ජනාධිපති Azali Assoumani , මාලි අන්තර්වාර රජයේ ජනාධිපති Assimi Goita, ගිනියා ජනාධිපති Mamady Doumbouya සහ ටෝගෝ ජනාධිපති Faure Essozimna Gnassingbé යන මහත්වරු ඒ අතර වෙති.