නව පරපුරේ අදහස් රාජ්‍ය පාලනයට ලබාගැනීමට ජනපති සූදානම්
2024-09-01 17:54:35
Share with:

 

නව පරපුරේ කතිකාවක් (Gen Z Dialogue) ඇතිකරමින් නව පරපුරේ අදහස් රාජ්‍ය පාලනයට ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.  ඒ වෙනුවෙන් ජාතික, පළාත්, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය සභා මට්ටමින් යොවුන් කේන්ද්‍ර ස්ථාපිත කර එම කතිකාව සංවිධානය කිරීමේ වගකීම ජාතික තරුණ සේවා සභාවට පවරන බව ද ඔහු කියාසිටී.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ 30 වැනිදා මහරගම තරුණ සේවා සභාවේ පැවති ජාතික තරුණ සමුළුව අමතමිනි. දිවයිනේ සියලු ප්‍රදේශ නියෝජනය කරමින් තරුණ නායක නායිකාවෝ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

රටේ හෙට දවස උරුම වන්නේ අද දවසේ තරුණ පරපුරට යි.  Gen Z පරපුරේ තරුණ ප්‍රජාවට දියුණු වන තාක්ෂණ ලෝකයත් සමඟ ඉදිරියට යාමට අවශ්‍ය ඩිජිටල් දැනුම සහ පන්නරය ලබාදීමට තමා කටයුතු කරන බව ද ජනාධිපතිවරයා පැවසීය. එසේම විද්‍යුත් වාණිජ ක්ෂේත්‍රයන්හි පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරමින් නව ආදායම් උත්පාදන මාර්ග විවර කරන බව ද ඔහු කියාසිටියේය. 

එසේම දේශපාලන ක්ෂේත්‍රයේ තරුණ නියෝජනය ඉහළ නැංවීමට අවශ්‍ය පසුබිම සැකසීමට පියවර ගන්නා බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම