උසස් මට්ටමේ චීන-අප්‍රිකානු ප්‍රජාව ගොඩනැගීමට තාරුණ්‍යයේ ශක්තිය ලබාදෙන්නැයි චීන ජනපති ඉල්ලා සිටී
2024-09-01 16:38:31
Share with:

පොදු ඉරණමක් සහිත, උසස් මට්ටමේ චීන-අප්‍රිකානු ප්‍රජාව ගොඩනැගීමට තාරුණ්‍යයේ ශක්තිය ලබාදෙන ලෙස චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ද්විපාර්ශ්වික තරුණයන්ගෙන් ඉල්ලා සිටී.

චීන-අප්‍රිකානු මිත්‍ර හුවමාරු වැඩසටහන්වලදී තරුණ පරම්පරාවේ මෙහෙයුම් කෙරෙහි චීන ජනාධිපතිවරයා සෑමවිටම අවධානය යොමු කරයි. 

වසර 6 කට පෙර චීන-අප්‍රිකානු සහයෝගිතා සංසදයේ බෙයිජිං නායක සමුළුවේ ආරම්භක උත්සවයේදී ෂී ජින් පිං මහතා පැවැත්වූ දේශනය චීන -අප්‍රිකානු තරුණයන්ට ඉහළ අපේක්ෂා රැගෙන ආ අවස්ථාවකි. ඔහු විසින් ඉදිරිපත් කෙරුණු “චීන-අප්‍රිකානු මෙහෙයුම් අටක” යෝජනාවලියේදී ද තරුණ ප්‍රජාව කෙරෙහි මූලික අවධානය යොමුකර තිබිණ.මේ යටතේ පුහුණුව හා සහය ලබා දීම, තරුණයන්ට ඉහළ රැකියා නියුක්ති අවස්ථා හා වඩා යහපත් සංවර්ධන පරිසරයක් ලබා දීම සම්බන්ධයෙන් විවිධ පියවර ගනු ලැබීය.අප්‍රිකාවේ ජාත්‍යන්තර වෘත්තීය අධ්‍යාපන හුවමාරු වැඩසටහන යටතේ Luban නමැති වැඩපොළවල් 10 ක් ස්ථාපනය කරමින් අප්‍රිකානු තරුණයන්ට වෘත්තීය නිපුණතාව ලබා දීම ද ඊට ඇතුළත් ය.

2019 වසරේ මාර්තු මස අප්‍රිකාවේ ප්‍රථම Luban වැඩපොළ වන,  ජිබුටි Luban වැඩපොළ ජිබුටි පුහුණු පාසලේදී විවෘත කෙරිණ. එම සමාරම්භක උත්සවයට එක්වූ ජිබුටි ජනාධිපතිවරයා අප්‍රිකානු-චීන නිපුණතා ගොඩනැගීම පිළිබඳ සහයෝගිතාවේ මෙම සන්ධිස්ථානගත අවස්ථාව ඇසින් දුටු  සාක්ෂිකරුවෙකු බවට පත්විය. 

2021 වසරේ නොවැම්බර් මස චීන-අප්‍රිකානු සහයෝගිතා සංසදයේ 8 වැනි අමාත්‍යවරුන්ගේ රැස්වීමේ ආරම්භක උත්සවයේදී වීඩියෝ ආකාරයෙන් එක්වූ ෂී ජින් පිං මහතා පැවසුවේ චීනය අප්‍රිකානු රටවල් සමග Luban වැඩපොළ ව්‍යාපෘතිය අඛණ්ඩව පවත්වා ගන්නා බවයි. එමගින් අප්‍රිකාවට රැකියා ලක්ෂ 8 ක් ලබාදෙන ලෙස චීන ව්‍යවසායන් දිරිමත් කරන බව ද ඔහු පැවසීය. 

මෙවැනි ප්‍රායෝගික පියවර මගින් අප්‍රිකානු තරුණයන්ගේ නිපුණතා ප්‍රවර්ධනය සහ ඔවුන්ගේ සංවර්ධනයට සහය දීම චීන ජනාධිපතිවරයාගේ අරමුණයි.අප්‍රිකානු තරුණයන් සාම්ප්‍රදායික මිත්‍රත්වය හා සහයෝගිතා සහතික කරමින්, පොදු ඉරණමක් මෙන්ම ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු චීන අප්‍රිකා ප්‍රජාවක් ගොඩනැගීම දිරිගැන්වීම සඳහා ෂී ජින් පිං මහතා මෑත වසර කිහිපය තුළ අවස්ථා ගණනකදී ම ඔවුන්ගේ ලිපිවලට පිළිතුරු ලිපි යොමු කර ඇත.

ගුවන් විදුලිය
20241120බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම