මන්කිපොක්ස් එන්නත් මිල දී ගැනීමට එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ළමා හදිසි අරමුදලෙන් ටෙන්ඩරයක්
2024-09-01 17:51:37
Share with:

මන්කිපොක්ස් හෙවත් වඳුරු උණ වසංගතයෙන් දැඩි පීඩාවට පත් වූ රටවලට රෝග පාලන එන්නත් ලබාදීම සඳහා එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර හදිසි ළමා හදිසි අරමුදල වහා ටෙන්ඩරයක් නිකුත් කරයි.

එම අරමුදල, ජාත්‍යන්තර එන්නත් සහ ප්‍රතිශක්තිකරණ  සන්ධානය, අප්‍රිකාවේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ (31) ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් මේ බව නිවේදනය කළේය.

පවතින ඉල්ලුම, එන්නත් නිෂ්පාදන ධාරිතාව සහ මූල්‍ය තත්ත්වය අනුව, එම එන්නත් මාත්‍රා මිලියන 12 ක් මිලදී ගැනීමට අපේක්ෂිත බව එම ඒකාබද්ධ ප්‍රකාශයේ දැක්වේ. අදාළ සංවිධාන විවිධ ආයතන සමග සහයෝගිතා ආරම්භ කර, ඉහළ ආදායම් ලබන රටවල දැනට පවතින එන්නත් තොගවලින් පරිත්‍යාග කිරීම් ප්‍රවර්ධනයට ද කටයුතු කරනු ඇත.

වඳුරු උණ වසංගතය “ජාත්‍යන්තර අවධානයට ලක්වන මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක්”  ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය අගෝස්තු 14 වැනිදා ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම