චීනයේ දින 62 ක ගිම්හාන නිවාඩුවේ දුම්රිය මගී සංචාර වාර්තාගත ප්‍රගතියක් පෙන්නුම් කරයි. ජූලි 1 සිට අගෝස්තු 31 දක්වා කාලය තුළ දුම්රිය මගී සංචාර මිලියන 887 ක් වාර්තා වී ඇති අතර, එය වාර්ෂිකව 6.7% ක වර්ධනයක් බව චීන රාජ්‍ය දුම්රිය සේවය කියාසිටී.
මෙම කාලසීමාව තුළ දෛනික සාමාන්‍ය මගී සංචාර සංඛ්‍යාව මිලියන 14 ඉක්මවූ බව ද එම වාර්තාවන් හි දැක්වේ.
ආරක්ෂිත මෙන්ම විධිමත් ප්‍රවාහන පහසුකම් සහතික කිරීම සඳහා, මනා සැලැස්මක් යටතේ මගීන්ට හිතකර පියවර කල්තියා ක්‍රියාවට නැංවීමට රාජ්‍ය දුම්රිය සේවය පියවර ගත්තේය.
ගිම්හාන නිවාඩුවේ දී සිසුන් විශාල පිරිසක් ආපසු නිවෙස් කරා පැමිණෙන බැවින්, මෙය රටේ දුම්රිය පද්ධතියට කාර්යබහුල සමයකි. එම කාලය තුළ පවුලේ සංචාර සහ වෙනත් චාරිකා ද බහුල වශයෙන් සිදුවේ.