මුහුදු මට්ටම ඉහළ යාම කෙරෙහි පුළුල් අවධානය යොමු කරන්නැයි ශාන්තිකර කලාපීය නායකයන්ගෙන් ඉල්ලීමක්
2024-09-01 16:31:49
Share with:

ශාන්තිකර දූපත් සංසදයේ (PIF) නායකයෝ, එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනය හා එක්ව මුහුදු මට්ටම ඉහළ යාමේ ප්‍රශ්නය කෙරෙහි දේශපාලනික මැදිහත්වීමක් සඳහා එකඟතාව පළකරති. එසේම, මෙම තේමාව ජගත් මහා සම්මේලනයේ න්‍යාය පත්‍රයට ඇතුළත් කරන ලෙස ද ඔවුහු ඉල්ලා සිටිති. ශාන්තිකර දූපත් සංසදය විසින් නිකුත් කෙරුණු නිවේදනයක මේ බව දැක්වේ.

ශාන්තිකර දූපත් සංසදයේ 53 වැනි නායක හමුව, ටොංගා රාජ්‍යයේ Nuku'alofa අගනුවර දී 30 වැනිදා  නිමාවට පත්විය. දේශගුණික විපර්යාස සහ ඊට ඔරොත්තු දීමේ හැකියාව කෙරෙහි පස් දින සමුළුවේ ප්‍රමුඛ අවධානය යොමුව තිබේ.  

දේශගුණික විපර්යාස පැතිර ඇති පුළුල් පරාසය හා ඒවායේ ස්වභාවය මෙහිදී සාකච්ඡා කෙරුණු අතර,  මුහුදු මට්ටම ඉහළ යාම ශාන්තිකර රාජ්‍ය ඇතුළු පහත් රටවලට තර්ජනයක් බව ද ප්‍රකාශ කෙරිණ. එම රටවලට පහසුකම් ලබාදීමේ අරමුදල වෙනුවෙන් තම දායකත්වය ද නායකයන් විසින් යළි තහවුරු කෙරිණ. 

වසර 2026 වන විට ඇමරිකානු ඩොලර් මිලියන 500 ක මූලික ඉලක්කයක් සහිතව ජනතා කේන්ද්‍රීය ආපදා සහන කළමනාකරණ සේවයක් සඳහා එහිදී එකඟතාව පළකෙරුණු බව ද ශාන්තිකර දූපත් සංසද නිවේදනයේ දැක්වේ.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම