‘පරිපූර්ණ සමාජවාදී අනුප්‍රාප්තිකයන් පෝෂණය කිරීම’පිළිබඳ චීන ජනපතිගේ ලිපියක් හෙට (1) පළ වේ
2024-08-31 18:18:22
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ වැදගත් ලිපියක් සැප්තැම්බර් පළමුවැනිදා ප්‍රකාශයට පත් කෙරෙන ‘Qiushi’ සඟරාවේ 17 වැනි කලාපයේ පළ වේ. ‘ආචාරධර්ම, දැනුම, ක්‍රීඩාව, සෞන්දර්ය ආකල්පය හා ශ්‍රම දායකත්වය යන අංශ පහෙන්ම පරිපූර්ණ සමාජවාදී සංවර්ධකයන් හා අනුප්‍රාප්තිකයන් පෝෂණය කිරීම’ යන්න එහි තේමාව යි.

රටට අවශ්‍ය සමාජවාදී සංවර්ධකයන් හා අනුප්‍රාප්තිකයන් සතු විය යුතු ගුණාංග හා ජීවගුණය පිළිබඳව එම ලිපියෙන් විග්‍රහ කර ඇත. පළමුවෙන්ම කොමියුනිස්ට්වාදය හා චීන ලක්ෂණ සහිත සමාජවාදය පිළිබඳ පරමාදර්ශය රටේ සිසු පරපුර තුළ ජනිත කළ යුතුය. ඔවුන්ගේ දේශප්‍රේමී හැඟීම පෝෂණය කරමින්, ආචාරශීලීත්වය හා ගුණධර්ම සංවර්ධනය කෙරෙහි ද අවධානය යොමු කළ යුතු වේ. තමන්ට හිමිවන අධ්‍යයන කාලය අගයමින් එකසිතින් ඊට යොමුවන ලෙස ශිෂ්‍යයන්ට උපදෙස් දිය යුතු අතර, උද්‍යෝගිවත් හා ධනාත්මක ජීවන ආකල්ප ඔවුන් තුළ නිර්මාණය කිරීමට ද පියවර ගත යුතුය. 

එසේම, අනාගත සමාජවාදී සංවර්ධකයන්ගේ සංයුක්ත ගුණාංග මෙන්ම නිර්මාණශීලිත්ව සංකල්ප දිරිගැන්වීමට ද ක්‍රියා කළ යුතු බව ෂී ජින්පිං මහතා එම ලිපියෙන් අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම