චීන-මාලදිවයින් මිත්‍රත්ව පාලමේ 6 වැනි සංවත්සරයට මාලදිවයින් ජනපතිගෙන් සුබ පැතුම්
2024-08-31 14:57:22
Share with:

චීන-මාලදිවයින් මිත්‍රත්ව පාලමේ 6 වැනි සංවත්සරයට මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු මහතා සුබ පැතුම් පිරිනමයි.

ඊයේ (30)  X සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් ඔහු කියාසිටියේ, 2018 අගෝස්තු 30 වන දින විවෘත කෙරුණු මෙම පාලම දෙරට අතර පවතින සමීප සම්බන්ධතාවයේ සංකේතයක් බව යි.

 මෙම ආකර්ෂණීය ඉංජිනේරුමය ජයග්‍රහණය මාලදිවයින් දූපත් සම්බන්ධ කරන්නා සේම, චීනය සහ මාලදිවයින අතර පවතින කල්පවත්නා හවුල්කාරිත්වය හා අන්‍යෝන්‍ය විශ්වාසය ද පිළිබිඹු කරන බව ජනාධිපතිවරයා පෙන්වාදෙයි. එසේම එය දෙරට එක්සත්භාවය, සංවර්ධනය සහ සෞභාග්‍යය පිළිබඳ ඒකාබද්ධ චින්තනය නියෝජනය කරන බව ද ඔහු කියාසිටී.

චීන-මාලදිවයින් මිත්‍රත්ව පාලම අනාගත පරපුර වෙත සහයෝගිතාවයේ ආලෝක ධාරා එල්ලකරනු ඇති බවට ද මොහොමඩ් මුයිසු ජනාධිපතිවරයා විශ්වාසය පළ කරයි.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම