2024 අගෝස්තු මාසයේ චීනයේ මිලදී ගැනීමේ කළමනාකරුවන්ගේ දර්ශකය 49.1% ක් ලෙස සටහන් වේ.
චීනයේ භාණ්ඩ ප්‍රවාහන හා මිලදී ගැනීමේ ඒකාබද්ධ සංගමය, චීන ජාතික සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ සේවා කර්මාන්ත පිළිබඳ විමර්ශන මධ්‍යස්ථානය විසින් අද (31) මේ බව ප්‍රකාශ කෙරිණ.
එම දර්ශකය ගත වූ මාස 4 ක කාලය තුළ 49% කට වඩා ඉහළ අගයක අඛණ්ඩව පැවතීම කැපීපෙනේ.
මෑතකාලීනව හටගත් අධික උෂ්ණත්වය හා දැඩි වර්ෂාපතනය මෙන්ම ඇතැම් කර්මාන්තවල නිෂ්පාදන අඩුවෙන් සිදුකෙරෙන කාලසීමා වැනි සාධකවලින් එල්ල වූ බලපෑම් හේතුවෙන් නිෂ්පාදන කර්මාන්තය ප්‍රකෘතිමත් වීමේ මට්ටම තරමක් පහළ ගොස් ඇත.එහෙත්, නව ශක්තියකින් යුතුව අධිතාක්ෂණික නිෂ්පාදන හා පහසුකම් නිෂ්පාදන කර්මාන්ත යළි පුනර්ජීවනය කිරීමේ ප්‍රවණතාව මනාව පවත්වාගෙන යන බව ද එහිදී සඳහන් කෙරිණ.