“අප්‍රිකානු හවුල්කරුවන්” මාධ්‍ය උළෙල බෙයිජිංහිදී
2024-08-31 16:42:36
Share with:

ශිෂ්ටාචාර සංධ්වනිය, ඩිජිටල් සිහින- “අප්‍රිකානු හවුල්කරුවන්” මාධ්‍ය උළෙල බෙයිජිං අගනුවරදී පැවැත්වෙයි. චීන මාධ්‍ය සමූහය විසින් එය සංවිධාන කරනු ලැබීය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, එම සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තු ප්‍රධානි Li Shulei මහතා අද (31) වීඩියෝ ආකාරයෙන් එම අවස්ථාවට එක්ව ප්‍රධාන දේශනයක් පැවැත්වීය.

චීනය සහ අප්‍රිකාව අතර මාධ්‍ය හුවමාරු සහ සහයෝගිතා ශක්තිමත් කිරීමට කැමැත්ත පළ කරමින්, උගන්ඩා ජනාධිපති Yoweri Kaguta Museveni, මධ්‍යම අප්‍රිකානු ජනරජයේ ජනාධිපති Faustin-Archange Touadéra සහ සී‍ෂෙල්ස් ජනාධිපති Wavel Ramkalawan යන මහත්වරුන් ද එම උළෙලට වීඩියෝ ආකාරයෙන් සුබපැතුම් පණිවිඩ යොමු කර ඇත.

සියවසක් තිස්සේ නොවූ විරූ විපර්යාස හා තොරතුරු තාක්‍ෂණයේ සංවර්ධන ප්‍රවණතා හමුවේ චීන සහ අප්‍රිකානු මාධ්‍ය ජයග්‍රාහී සහයෝගිතා සංකල්පයට අනුගත ව ක්‍රියා කළ යුතු බව උළෙලට එක් වූ පිරිස පෙන්වා දී තිබේ. චීනය හා අප්‍රිකාව අතර සහයෝගිතා සංවර්ධනය, එම රටවල් නවීකරණ ක්‍රමවේද ගවේෂණය කිරීම හා ජන ජීවිතය දියුණු කිරීම පිළිබඳ වාර්තාකරණ නිසි අයුරින් සිදු කළ යුතු බව ද ඔවුහු කියාසිටියහ. නවීන තාක්ෂණ සහයෝගිතා සහ චීන අප්‍රිකා සහයෝගතා පිළිබඳ මහජන කැමැත්ත මනාව තහවුරු කරමින්, සාධාරණ, වෛෂයික, ධනාත්මක මෙන්ම ශක්තිමත් ගෝලීය මාධ්‍ය පරිසරයක් ගොඩනැගීමට දෙපාර්ශ්වය එක්ව කැප විය යුතු බව ද එහිදී අවධාරණය කෙරිණ.

චීන-අප්‍රිකා මාධ්‍ය සහයෝගිතා පුළුල් කිරීම සහ ඩිජිටල් යුගයේ ශිෂ්ටාචාර හුවමාරු ප්‍රවර්ධනය මෙම උළෙලේ ප්‍රමුඛ අරමුණු වේ. චීනයේ සහ අප්‍රිකානු රටවල් 20 කට වැඩි සංඛ්‍යාවක ජාත්‍යන්තර සංවිධාන, මාධ්‍ය, බුද්ධි මණ්ඩල ඇතුළු ක්ෂේත්‍ර නියෝජනය කරමින් 200 කට වැඩි පිරිසක් ඊට සහභාගි වූහ.

ගුවන් විදුලිය
20241108සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම