යල කන්නයේ වී සඳහා ගබඩා 100 ක් විවෘත කිරීමට පියවර
2024-08-31 17:19:18
Share with:
යල කන්නයේ වී මිල දී ගැනීම සඳහා ගබඩා 100 ක් අවශ්‍යතාව පරිදි විවෘත කිරීමට සැලසුම් කර ඇතැයි, වී අලෙවි මණ්ඩලයේ සභාපති නීතිඥ බුද්ධික ඉද්දමල්ගොඩ මහතා පවසයි. දැනට වී අස්වනු නෙළා අවසන් කර ඇති දිස්ත්‍රික්කවල වී ගබඩා 32 ක් මේ වනවිට විවෘත ව පවතී.
මෙවර යල කන්නයේ වී මිල දී ගැනීම සඳහා රුපියල් මිලියන 2000 ක් වී අලෙවි මණ්ඩලයට ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජූනි මාසයේ ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය. එහි පළමු අදියර යටතේ රුපියල් මිලියන 500 ක් ලබා දී තිබේ. ඒ අනුව ඉකුත් 27 වැනිදා සිට වී මිල දී ගැනීමේ කටයුතු ආරම්භ කිරීමට වී අලෙවි මණ්ඩලය පියවර ගෙන ඇත.