චීනය අප්‍රිකානු කලාපීය රටවල සංවර්ධනයට ලබාදෙන සහයෝගයට මධ්‍යම අප්‍රිකානු ජනරජයේ ජනපතිගෙන් පැසසුම්
2024-08-31 19:36:25
Share with:

චීන-අප්‍රිකානු සහයෝගිතාව මධ්‍යම අප්‍රිකානු ජනරජයේ ජනතාව කෙරෙහි සාධනීය බලපෑම් එල්ල කර ඇති බව ජනාධිපති Faustin-Archange Touadéra මහතා පවසයි.

ඔහු මේ අදහස් පළකළේ චීන මාධ්‍ය සමූහය සමඟ පසුගියදා පැවැත්වූ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

චීනය හා මධ්‍යම අප්‍රිකානු ජනරජය, දිගුකාලීන මිත්‍ර හවුල්කාරී රටවල් දෙකකි. චීන මහජන සමූහාණ්ඩුව ස්ථාපිත කිරීමෙන් පසු නව චීනය පිළිගත් ප්‍රථම රටවල් කණ්ඩායමට මධ්‍යම අප්‍රිකානු ජනරජය ද ඇතුළත් විය. දෙරට මේ වනවිට විවිධ ක්ෂේත්‍රවල යහපත් සහයෝගිතා තුළින් මනා ප්‍රතිඵල රැසක් අත්පත් කර ඇතැයි Faustin-Archange Touadéra මහතා පැවසීය. චීනය රාජ්‍යතාන්ත්‍රික ක්ෂේත්‍රයෙන් ද තම රටට වටිනා සහයෝගය ලබා දී ඇති අතර, ඉහළ මට්ටමේ සහයෝගිතා දිගුකාලීනව පවත්වා ගෙන යන බවද හෙතෙම අවධාරණය කළේය. 

නව යුගයේ චීන -අප්‍රිකානු පොදු ඉරණමක් සහිත ප්‍රජාව ගොඩනැගීම මනාව ක්‍රියාවට නැංවිය යුතුය.දෙපාර්ශ්වයේ සැබෑ සමාජ තත්ත්වයන්ට අනුකූලව ස්වාධිපත්‍යය ගරු කරමින්, අන්‍යෝන්‍ය වාසී හා පොදු ජයග්‍රහණ සාක්ෂාත් කිරීමේ මූලධර්ම මත දෙරට සංවාද පැවැත්වෙයි. එම සහයෝගිතා අවංක, මිත්‍රශීලී මෙන්ම සහෝදරත්වයෙන් යුතු ය. එය ද්විපාර්ශ්වික ව්‍යාපෘති මගින් ද පිළිබිඹු වන බව Touadéra ජනාධිපතිවරයා සඳහන් කළේය. අප්‍රිකානු රටවල් වැඩි ප්‍රමාණයක් චීනය සමඟ සහයෝගිතා තහවුරු කිරීමට හේතුව එය බව ද ඔහු පෙන්වා දුන්නේය.  

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඉදිරිපත් කළ ගෝලීය සංවර්ධන මුලපිරුම, ගෝලීය ආරක්ෂක මුලපිරුම සහ ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම වත්මන් ලෝකයට නව දිශානතීන් දක්වා තිබේ. චීනයේ සහය ඇතිව අප්‍රිකාව ක්‍රියාවට නංවන වැඩසටහන් සමස්ත කලාපීය රටවල අපේක්ෂාවන්ට අනුකූල වේ. ෂී ජින් පිං මහතා ඉදිරිපත් කළ මුලපිරුම් මාලාව ක්‍රියාත්මක කරමින් චීනය සමඟ අඛණ්ඩව සහයෝගිතා තහවුරු කරනු ඇතැයි ද Faustin-Archange Touadéra මහතා පෙන්වා දී තිබේ.

එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ හා චීන-අප්‍රිකා සහයෝගිතා සංසදයේ විවිධ සහයෝගිතා ව්‍යාපෘති ද ජනතාවට සාධනීය බලපෑම් තිළිණ කර ඇත. ඒ වෙනුවෙන් මධ්‍යම අප්‍රිකානු ජනරජයේ ඉහළ ප්‍රශංසාව චීනයට හිමිවෙයි.  

සැප්තැම්බර් මාසයේ බෙයිජිං අගනුවර පැවැත්වීමට නියමිත චීන-අප්‍රිකානු සහයෝගිතා සංසදය කෙරෙහි ඉහළ අපේක්ෂා සහිත බව ද මධ්‍යම අප්‍රිකානු ජනරජයේ ජනාධිපතිවරයා වැඩිදුරටත් කියාසිටියේය.

ගුවන් විදුලිය
20241015අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම