ආර්ථික වශයෙන් ලෝකය දික්විජය කරන චීනයේ ප්‍රතිසංස්කරණ සැලසුම්
2024-08-30 14:09:28
Share with:

මහජන සමූහාණ්ඩුව ලෝක දේශපාලනය, ආර්ථිකය, සංස්කෘතික සහ සමාජ ක්‍රියාදාමය යන සන්දර්භයන් තුළ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන රාජ්‍යයකි. ලෝක බැංකු ආධාර ලබන්නකුගේ සිට වර්තමානය වනවිට එහි විශාලතම පරිත්‍යාගශීලීයෙකු දක්වා පරිවර්තනය වීමට චීනය සමත් විය. එමෙන්ම සිය දරිද්‍රතා අනුපාතය වේගවත්ව සහ අඛණ්ඩව අවම කර ගත් අයුරු පුදුම සහගත ය. චීනය ඒ සඳහා සැලසුම් සහගත ප්‍රගතශීලී සංවර්ධන වෑයමක නිරත වූ බව හිටපු පුවත්පත් කර්තෘ සහ මාධ්‍යවේදී රංජිත් කුමාර සමරකෝන් මහතා පවසයි. 

මානව ඉතිහාසයේ මෙතෙක් ක්‍රියාත්මක වූ අති විශාලතම දිළිඳුකම පිටුදැකීමේ ව්‍යාපාරය දියත් කළ චීනය සිය ආන්තික දිළිඳු බව මුලිනුපුටා දැමූ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ද සඳහන් කරයි. 2035 වනවිට සෑම ආකාරයකින්ම උසස් ගුණාත්මකභාවයෙන් යුත් සමාජවාදී වෙළදපළ ආර්ථිකයක් ගොඩනැගීම වර්තමාන චීනයේ අරමුණයි. එහි වි‍ශේෂත්වය වනුයේ එය යල් පැන ගිය ක්‍රමවේදයක් නොව චීනයටම අනන්‍ය වූ  ක්‍රමවේදයක් වීමයි. මේ සඳහා අඛණ්ඩ වැඩි දියුණු වී‍මේ ක්‍රමයක් තුළ සිය ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කර ඇත.

සිය වර්තමාන ප්‍රතිසංස්කරණය සඳහාවූ වැදගත් ඉලක්කයක් චීන මහජන සමූහාණ්ඩුව 80 වන සංවත්සරය සමරන මොහොතේ සම්පූර්ණ කර ගැනීමට අපෙක්ෂා කෙරේ. වර්තමාන ලෝකයේ විශාලතම නිෂ්පාදන වෙළඳපොල බවට චීනය පත්ව ඇත්තේ සිය නිවැරදි මෙන්ම තිරසර ප්‍රතිසංස්කරණ කාලීන වශයෙන් ඉදිරිපත් කිරීම හේතුවෙනි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2024 වසරේ චීන ආර්ථික වර්ධනය සියයට 5 ක් ලෙස පුරෝකථනය කර තිබීම මගින් ද මෙම වැඩපිළිවෙලේ සාර්ථකත්වය පෙන්නුම් කරන බව රංජිත් කුමාර සමරකෝන් මහතා සඳහන් කරයි. 

වර්තමාන ලෝක ආර්ථිකයේ විශාල කොටසකට හිමිකම් කියන චීනය සාම්ප්‍රදායිකත්වය තුළම නොසිට නව ප්‍රතිසංස්කරණ ඔස්සේ ආර්ථික වශයෙන් ලෝකය දික්විජය කිරීමේ ගමන අරඹා ඇත. මෙතෙක් එම කාර්යය ඵලදායී ලෙස සිදු කළ චීනය කිසිසේත් නොසලකා හැරීමට නොහැකි ප්‍රධානම රාජ්‍යයක් බවට පත්ව ඇත්තේ මෙම ප්‍රතිසංස්කරණවලින් සමන්විත සුවිශේෂ ආර්ථික මොඩලය නිසා බව රංජිත් කුමාර සමරකෝන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ගුවන් විදුලිය
20241015අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම